තලතා අධිකරණයට බලපෑම් කරන්න එකග වෙලා.. සමස්ථ ඇමති මණ්ඩලයම අධිකරණයට අතපොවයි…

August 27, 2017 at 9:20 am | lanka C news
තලතා අධිකරණයට බලපෑම් කරන්න එකග වෙලා.. සමස්ථ ඇමති මණ්ඩලයම අධිකරණයට අතපොවයි…

තලතා අතුකෝරල මහත්මිය නව අධිකරණ ඇමතිවරිය ලෙස පත් කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

තලතා අතුකෝරල ඇමතිතුමිය පිළිබද අපිට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. හැබැයි කාරණා 2ක් මතුවෙනවා. ව්ජේදාස රාජපක්ෂ ඇමතිතුමා ඉවත් කරන්නේ ඔහු අධිකරණයටත් නීතිපති දෙපාර්තුමේන්තුවටත් බලපෑම් කිරීම ප්‍රතික්ෂේප කරපු නිසා. ලංකා ඉතිහාසයේ තමන්ගේ රාජකාරි වැරදි විදිහට කළේ නෑ කියලා චෝදනාවක් ඉවත් කල ප්‍රථම ඇමතිවරයා. එහෙම නම් අපිට සාධාරණ සැකයක් තියෙනවා තලතා අතුකෝරළ ඇමතිතුමියට මේ අමාත්‍යංශය බාර දෙන්න ඇත්තේ එතුමිය අධිකරණයට නීතිපති දෙපාර්තුමේන්තුවට බලපෑම් කරන්න එකගතාවය පල කල නිසා කියලා. අනෙක් පැත්තෙන් එතුමියට අල්ලස් දුෂණ කොමිසම යටතේ අපි ටොප් ටෙන් ව්‍යපෘතිය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ කොමිසමට උපදෙස් දෙන්නේ නීතිපති දෙපාර්තුමේන්තුව. නීතිපති දෙපාර්තුමේන්තුව තියෙන්නේ අපේ අතුකෝරාල ඇමතිතුමිය යටතේ ඉතින් එවැනි චෝදනාවට ලක් වුණු ඇමතිවරියකට නීතිපති දෙපාර්තුමේන්තුව බාර දීම යහපාලනය නැත්නම් යමපාලනයද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ද වෙනවා.

විශේෂ අධිකරණ කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. අපි දන්නවා කෙටි නඩු ඇසීම විතරක් නෙවෙයි දැන් අපේ මේ වාණිජ මහ අධිකරණය තියෙනවා. රුපියල් ලක්ෂ 50කට වැඩි මුදල් ගණුදෙනු නඩු වාණිජ අධිකරණයේ අහනවා. ඒ වගේ විශේෂ අධිකරණ අහන්න පුළුවන් විශේෂ කාරණයකට. අපිට විශේෂ අධිකරණයක් හදන්න පුළුවන් ත්‍රස්තවාදය පිලිබද නඩු අහන්න නමුත් අපිට කියන්න බෑ වේල්ලුපිල්ලේ ප්‍රභාකරන්ට වෙනුවෙන් විශේෂ අධිකරණයක් හදන්න කියලා. මෙතන රාජ්‍ය  දේපල සම්බන්දයෙන් සිදුවන දුෂණ වලට වෙනම අධිකරණයක් හැදීම ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නය වුණේ පසුගිය ආණ්ඩුවේ කියලා නිශ්චිත පුද්ගල කොට්ඨාසයක් ඉලක්ක කර ගැනීම එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට සපුරා පටහැනියි. නීතිය ඉදිරියේ සියළු දෙනාම සමානයි කියන කාරණයට සපුරා පටහැනියි. ඒ නිසා  එවැනි දේවලට ඉඩ නෑ. ඇමතිමන්ඩලය තීරණය කරලා  ත්‍රීපුද්ගල විනිශ්ච මණ්ඩලයක් අපි මහා අධිකරණයේ පත් කරනවා කියලා. නමුත් ඒක කරන්න ඇමති මණ්ඩලයට බලයක් නෑ. ඒ බලය තියෙන්නේ නීතිපතිවරයාගේ බලය යටතේ අගවිනිසුරුතුමාට පමණයි. එතකොට අද මේ ඇමති මණ්ඩලය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ඇමති මණ්ඩලයම අධිකරණයට අතපොවලා ඉවරයි ඒ තිරණයත් සමග.

– අරවින්ද අතුකෝරල

288 views

12 Comments to “තලතා අධිකරණයට බලපෑම් කරන්න එකග වෙලා.. සමස්ථ ඇමති මණ්ඩලයම අධිකරණයට අතපොවයි…”

  1. Kamal says:

    ඒ කියන්නෙ මහමැතිවරණය වෙනකොට ඒකාබද්දෙම ඇතුළේ.

    • upul says:

      තලතා විසින් නීතිය කළතා සිංහලයින්ව හාන්සි කරනු ඇත.

  2. godaya says:

    Minister of enforcement to the judicial system

  3. Mama Sirisena says:

    When I read this I couldn’t keep laughing and my memory went back to the days when Premadasa selected his Prime Minister.
    First he called Gamini and ask 1 and 1 is how much. His answer was 2. Then he called Lalith and asked the same question. His answer as a prominent lawyer was, if written 1 under 1 the answer is 2 If written 1 and 1 together answer is 11. Finally he called Wijetunga and asked the same. Wijetunga came closed to Premadasa and murmured in to his ear and said “ Sir 1 +1 is 2 but you are at liberty to write anything you want. That made him the PM. In short Premadasa he did not want anyone above him to question his authoritarian rule. He wanted only a YES man.

    I feel a great pride in myself for being able to repeat history.

  4. SUNIMAL says:

    තලතා ඇමතිවරිය විසින් සිදු කල මහා පරිමාණ වංචා හෙලි කිරීමට සූදානම් බව SL News Lanka වෙත වාර්ථා වේ…

    • Nimal says:

      දැන් සුනිමල් හිතනවා ඇති අපි ඔක්කොම ඔය කියන සයිට් එකට යන්න හදයි කියල.

  5. john the baptice says:

    කොරියන් රැකියා ලබා ගත්තේ මහින්ද රාජපක්ස මහතා කම්කරැ අැමතිව සිටි කාලයේදිය එ්ත් ඔබලා බලයට පැමිනි පසු ලැබෙන රැකියා කෝටාව වත් වැඩි කර ගැනිමට නොහැකි වුවා පමනක් නොව කොටාව ඉතා විහාල ලෙස අඩු විය ශි ලංකාවේ කර්මාන්ත වල වැඩ කිරිමට ශමිකයන් නැති බව කොරියාවට ගොස් පැවසුවේ ඔබය

  6. love nature says:

    කාලයෙන් කාලයට දේශපාලකයන් පත්වූවත් සේරම කරන්නේ අපි මරාගෙන කන්න හදන එක ….දැන් අලුත්ම එක …තලතා .

    • Sihala Yaka - සිහල යකා says:

      දැන් නංගිට පුලුවන් අයිය මැරුනද , මැරෙව්වද එහෙනම් ඒ කවුද කියල හොයන්න​.

  7. dickie bird says:

    Vijay Nagaraj, a former director of Amnesty International in India and an activist-researcher based in Sri Lanka died in a car accident on Friday. He was 44. According to local police, Mr. Nagaraj was driving from Colombo to the eastern town of Batticaloa for a workshop, and met with the accident early Friday morning in Polonnaruwa, about 220 km northeast of Colombo

    Gamaralage wedak da danne nehe.
    Wahama wibaga karanu…. Athaganguwata ganu.

  8. dickie bird says:

    Meya kata aragena mokada.
    Ekath waha ganna behe wage.
    meyage okkoma katawal arila wage thiyenne.

  9. Native of Ratnapura, living abroad. says:

    Mrs Thalata Atukorala, Please remember that you are going to play with fire! When it backfires there won’t be any UNP to protect you. Therefore, please be careful.

Main News