තලතා කෝටි 150ක වංචාවක.. රාජිත මහා ඖෂධ ජාවාරමක.. යහපාලන දුෂණ සොයන ජනාධිපති කොමිසමට පැමිණිලි ගොනු කෙරේ..
March 8, 2019 at 3:50 pm | lanka C news
බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන මහත්වරුන් “2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත පැමිණිලි ගොනු කළහ.
එහිදී යසපාල කෝරළගේ මහතා තලතා අතුකෝරල අමාත්‍යවරිය විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් කටයුතු කල වකවාණුවක් වන 2015 අගෝස්තු මස 26 වන දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී එමගින් සිදුවී ඇති රුපියල් මිලියන 1500 ක වංචාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇත.
නීතිඥ තුෂාර දිසානායක මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරන ඖෂධ මාෆියාවක් පිළිබඳ කරුණු කොමිසම හමුවේ අනාවරණය කළේය.
මෙම අවස්ථාව සදහා කෝට්ටේ නාගරික මන්ත්‍රි ඩෙන්සිල් පත්මසිරි මහතාද එක් විය
– අරවින්ද අතුකෝරල