තලවකැලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකටද කොරෝනා..

November 6, 2020 at 6:48 pm | lanka C news
තලවකැලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකටද කොරෝනා..

තලවකැලේ වත්තේ මැද කොටසේ ස්වයං නිරෝධානයට යොමු කර සිටි කාන්තාවකට (06) දින කොවිඩ් 19 වෛසරය අසාදනය වි ඇති බව කොටගල  සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වෛද්‍යය ජි.ගනේෂ් මහතා පැවසිය.

වෛරසය අසාදනය වු කාන්තාව වත්තල ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත සේවිකාවක් බවත් , ඇයගේ මස්සිනා කොළඹ ප්‍රදේශයේ තරු පහේ හෝටලයක රැකියාවක නිතරව සිට ඇති අතර , ඔහු පසුගිය මස (31) දින තලවකැලේ ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත සේවිකාවගේ නිවසට පැමිණ ආපසු කොළඹට ගොස් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවේදි ඔහුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

එම අසාදිතයා මේ වන විට හලාවත නිරෝධාන මධ්‍යස්ථානයක නිරෝධානයට යොමු කර ඇත.

පෙර අසාදිතයා පැලියගෙඩ මත්ස්‍යය වෙලදපොලේ ආශ්‍රිතයෙකු බවට තහවුරු වි ඇත.

කොළඹ කොටුව පොලිසිය විසින් තලවකැලේ පොලිසියට කල දැනුම් දිමක් මත තලවකැලේ  වත්තේ මැද කොටසේ පදිංචි ඇගළුම් කර්මාන්ත සේවිකාව ඇතුළු පවුලේ සමාජිකයන් 8 දෙනෙකු සහ ආශ්‍රිතයන් 5 දෙනෙක් ඇතුළු 13 දෙනෙකු  ස්වයං නිරෝධානයට යොමු කර පසුව ලබාගත් පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් මත ඇගළුම් කර්මාන්ත සේවිකාවට කොවිඩ් 19 වෛරසය අසාදනය  වි ඇති බවට තහවුරු වි ඇත.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාව නිරෝධාන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,359 views

One Comment to “තලවකැලේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකටද කොරෝනා..”

  1. Saradiel says:

    ඇගළුම් කර්මාන්ත ශාලා වලට පනවා ඇති නීති වැඩි කල යුතුය.