තලවකැලේ සභාපතිගේ ධුරය අත්හිටුවයි.. වංචා දුෂණ චෝදනා වැලයි..

October 28, 2020 at 5:30 pm | lanka C news
තලවකැලේ සභාපතිගේ ධුරය අත්හිටුවයි.. වංචා දුෂණ චෝදනා වැලයි..

තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ (UNP) සභාපති ධුරය මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි (28) දින සිට තාවකාලිකව අත්හිටවා ඇත.

සභාපතිවරයා සිදු කලේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරික්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය තාවකාලිකව අත්හිටවා ඇත.

මේ සම්බන්ධයෙන් අප තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහාතගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාට සහ පලාත් පාලන ආයතන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවයි.

එම පැමිණිල්ලට පරික්ෂණයක් පැවැත්වු බවත් , එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම  යලිත් පරික්ෂණයක් පැවැත්විම සදහා කොමිසමක් පත් කර තමන්ගෙන් ධුරය තාවකාලිකව අත්හිටවා ඇති බවයි.

තම ධුරය අත්හිටවිම හුදෙක් දේශපාලන පලි ගැනිමක් බවත් , තමන් ඕනැම පරික්ෂණයකට මුහුණ දිමට ඉදිරිපත් වන බවයි අශෝක සේපාල මහතා කියා සිටියේ.

නිති විරෝධි ලෙස සේවකයින් සේවයට බදවා ගැනිම , විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදු දිම , නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැදවිම, නගර සභා සිමාව තුල ඉදි කර ඇති අනවසර ඉදි කිරිම් නතර කිරිමට පියවර නොගැනිම ,නිති විරෝධි ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනිම යන චෝදනා ඇතුළු කරුණු 8 ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවයි අසෝක සේපාල මහතා කියා සිටියේ.

එක්සත් ජනතා නිදහස් සංගමයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේද අසෝක සේපාල මහතා වන අතර , අසෝක සේපාල මහතා 2011 වසරේ සිට තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,849 views

2 Comments to “තලවකැලේ සභාපතිගේ ධුරය අත්හිටුවයි.. වංචා දුෂණ චෝදනා වැලයි..”

  1. Saradiel says:

    වංචා දුෂණ නැති රටක් සියලු දෙනා එක්වී ගොඩනගමු.

  2. koTikka says:

    අනිවා මුං කලින් පරීක්ෂණේ හොරට කරන්න ඇති. මතකනේ 300ක් අහිංසකයො මැරිලා 500 තුවාල උනාම ජනාධිපතියි අගමැතියි තරඟෙට කොමිසම් පත්කරලා හැම එකාම ප්‍රශ්ණ කරා.. අන්තිමේට වාර්තාවල් ආවා ඒවයින් උනේ මොකක්ද කවුද වගකියන්න ඕන කියල කිසිම දෙයක් කියල නෑ හරියට.. දැන් ජනාධිපති කොමිසමේදී එලියට එන ඔප්පු කල හැකි සත්‍ය කරුණුවලින් 50%ක් වත් එදා එලියට ආවෙ නෑ. ඒ දවස්වල කොමිසමේ ප්‍රශ්ණ ඇහුවෙ ෆොන්සේකා නලින්ද ජයතිස්ස ආශු මාරසිංහ වගේ ජන පදනමක් වත් නැති දේශපාලුවො.

Main News