තල් ගස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක්…
October 1, 2019 at 2:07 am | lanka C news
යුද සමයේදී බෝම්බ පිපිරීම් හා විවිධ හේතුන් නිසා වවුනියාවේ තල් ගස් 40,000 ක් පමණ විනාශ වී යාම හේතුවෙන් ඒ වෙනුවට තල්ගස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් වව්නියාවේ තරුණ සංගම් කිහිපයක් විසින් ආරම්භ කොට ඇත.
ස්වාධීන තරුණ සංගම් කිහිපයක් විසින් ආරම්භ කොටට ඇති මෙම තල්ගස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන් පසුගිය දින කිහිපය තුලදී වව්නියාවේ පොදු ස්ථානයන්හි ක්‍රියාත්මක කෙරුනු අතර මේ දිනවල වව්නියාවේ යුද්දය දරුණු ලෙසින් පැවති කල්ලිකුලම් ප්‍රදේශයේ තල් ඇට පැල කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කොට ඇත.
දෙමළ සංස්කෘතියේ තල්ගසට විශේෂ ස්ථානයක් හිමිවන අතරම තල්ගස ආශ්‍රෙයන් උතුරේ බොහෝ ප්‍රමාණයක් ස්වයං කර්මාන්ත ආදි බොහෝ ප්‍රයෝජන ගන්නා අවස්ථාවක ඉදිරි පරම්පරාවට තල්ගසෙන් ගත හැකි උපරිම ප්‍රෙයා්ජන ගැනීමට මෙසේ තල් ඇට ලක්ෂයක් පැල කිරීමේ වැඩසටහන දියත් කළ බවට තරුණ සංගම් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ