තල් ගසෙනුත් වැඩ ගන්න ඇමති විමල් සූදානම්..

January 19, 2020 at 2:03 am | lanka C news
තල් ගසෙනුත් වැඩ ගන්න ඇමති විමල් සූදානම්..

පොල් ගසෙහි කිසිදු දෙයක් අපතේ නොයවා ප්‍රයෝජනයට ගන්නා සේම තල් ගසෙහි ද එවැනිම ප්‍රයෝජන රැසක් ගත හැකි බව තල් පර්යේෂණ මණ්ඩලය දැනටමත් සිදු කර ඇති පර්යේෂණවලින් අනාවරණය වී ඇති බවත් ඉදිරියේදී එම තත්ත්වය ප්‍රවර්ධනය පිණිස ගත හැකි සියලු පියවර විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එහි සේවක පිරිස අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමඟ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා ද එක්විය.

– midea unit

5,923 Viewers

3 Comments to “තල් ගසෙනුත් වැඩ ගන්න ඇමති විමල් සූදානම්..”

  1. Snow White says:

    Very good! the current government must pay attention to promote local industries which will improve the livelihood of people living in rural areas.

  2. ලයනල් දොලපිහිල්ල says:

    වීරවංශ ඇමතිතුමාගේ මෙම ක්‍රියාවලිය ප්‍රශංසණීයයි.
    ජයවේවා!

  3. ගම්මන්පිල says:

    අනේ තොපි වගේ ගොන් හැත්තක් …. රන්ජන් හිරුනිකාට බැන බැන හිටපන් … අරහේ උබලගේ මහා එකා අප්පොච්ච ගේ හිටන් අලුගුත්ත්තේරු වැඩ තියෙනවලු රෙකෝඩ් … විලි ලැජ්ජයි ..

    ඔක්කොටම ඉස්සෙල්ල පාර්ලිමේන්තුවේ ඉන්න 225 එළවලා දාපල්ලා .. එක එකාට මඩගගහ ඉන්නේ නැතුව ..

Main News