තල් වනයක් ගිනිගෙන විනශ වෙයි ගිනි තැබුවේදැයි සැකයක්..

June 15, 2019 at 2:05 am | lanka C news
තල් වනයක් ගිනිගෙන විනශ වෙයි ගිනි තැබුවේදැයි සැකයක්..

මුලතිව් සෙල්වපුරම් ප්‍රදේශයේ පිහිටි විශාල තල් ගස් යායක් හදීසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් සවස සම්පූරණයෙන්ම විනාහ වී ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටිති.

අදාල ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර තල් වනය අසල ධීවරයින්ගේ උපකරණ ගබඩාවක්ද පිහිටි අතර කිසියම් පුද්ගලයෙකු විසින් ගිනිතබන්නට ඇති බවට සැක සහිත බවට සෙල්වපුරම් ධීවරයින් හා ප්‍රදේශවාසීන් පවසති.

හදීසියේම ඇති වූ ගින්න තල් වනයට පැතිරීම හේතුවෙන් සියලුම තල්ගස් පිලිස්සී ඇති අතර පවතින දැඩි පෑවිල්ල හේතුවෙන් තල්ගස් උඩද ගින්න පැවති අතරම ගින්න මැඩපැවත්වීමට නොහැකි විය.

අනතුරුව මුලතිව් පොලීසිය, මුලතිව් දිස්ත්‍රීක්ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා යුද හමුදාවේ සහය මත ජල බවුසර් යොදාගෙන ගින්න මැඩපැවත්වීමට පියවර ගත්තද ඒ වන විටත් තල් ගස් වාශාල ප්‍රමාණයක් ගිනිගෙන තිබුණු අතර ධීවරයින්ගේ උපකරණ ගබඩාවේ උපකරණ තොගයක්ද ගින්නෙන් විනාශ වී ඇති බවට ධීවරයින් පැවසූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,805 Viewers
Main News