තලාතුඔය වසාදමයි..

November 6, 2020 at 1:22 pm | lanka C news
තලාතුඔය වසාදමයි..

තලාතුඔය නගරයේ හෙට සිට වසා දැමීමට තීරණය කළ බව එම නගරයේ එක්සත් වෙළෙඳ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති සුනිල් වෙදගේ මහතා සඳහන් කරන්නේ නගරය ආශ්‍රිතව ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බවයි.

තීරණය අනුව හෙට දිනයේ සිට දින තුනක් නගරය වසා තබන බව ද පැවසූ ඔහු මෙම තීරණය සඳහා ත්‍රීරෝද රථ සංගමයත් පෞද්ගලික ප්‍රවාහන සංගම්ද කැමැත්ත පළකර ඇතැයිද පැවසීය.

32,805 views

One Comment to “තලාතුඔය වසාදමයි..”

  1. නලීන් says:

    මාළු කෑවේ නෑ වාගේ ඉදිරිපත් නොවී හිටියොත් සුව වූ පසු නඩු දමනු ලැබේද?

Main News