තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි..

December 21, 2019 at 6:28 am | lanka C news
තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි..

ඉදිරි වසර තුනක කාලය කාලයේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ කිසිදු උවමනාවක් නැති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති පක්ෂ සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර තුනක් සඳහා පක්ෂ නායක ධුරයේ සිටිය බවට යෝජනාවක් සම්මත වී ඇති බව ද සිහිපත් කරයි.

එනිසා ඉදිරි වසර තුනේදීද රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂ නායක ලෙස කටයුතු කරනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විමසිය යුත්තේ ඔහුගෙන්ම බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

24,155 Viewers

3 Comments to “තවත් අවුරුදු 03ක් එජාප නායකයා රනිල්මයි.. යෝජනාව පක්‍ෂ සම්මේලනයේදී සම්මතයි..”

  1. Porak says:

    වොඩ්කා වතුර කරපු එකාට මෙදා පාර චන්දෙන් මිනිස්සු සලකයි …….

  2. බන්ඩා says:

    එජාප නායකයා රනිල් අගමැති අපෙක්ෂකයා සජිත්. මෙවැනි අච්චාරැ නායකත්වයක් බලලෝබ නායකයො ඉන්න පක්ෂයකට චන්දෙ දෙන්නෙ වහල්ලුම පමනය්.

  3. Dilini says:

    Mala perethaya kiyala jathiyak ahala thibbata ehema ekkek panapitin dakkamai.

Main News