තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…

November 19, 2020 at 11:57 pm | lanka C news
තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…

තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනකු මරණයට පත්වී තිබේ.

ඔවුන්ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසිනි මෙම තොරතුරු තහවුරු කරයි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 70ක පුද්ගලයෙක් කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදිත වීමෙන් නියුමෝනියා තත්වය උත්සන්න වීම මරණයට හේතුවයි.

කොළඹ 15 පදිංචි අවුරුදු 27ක් වන කාන්තාවක් මුල්ලේරියාව රෝහලේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය නිසා අක්මා රෝගී තත්වය උත්සන්න වීමයි.

වයස අවුරුදු 59ක් වූ කළුතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය නිසා ඇතිවූ අධික රුධිර පීඩනය හා පපුවේ වේදනාව මරණයට හේතුවයි.

කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුවයි.

38,093 views

12 Comments to “තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…”

  1. Praneeth says:

    KARUNA KARALA ISKOLA ARINA EKA TIKAK KAL DANNA, SAHALLUWATA GANNEPA

  2. Rohan says:

    කොරෝනා දෙවන රැල්ල ඉන්දියන් ‘රෝ’ කුමන්ත්‍රනයක් වියහැකි. ඉන්දිරා ගාන්දි සමයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය වනසන්න කුමන්ත්‍රන සිදුවූවා. කෙසේවෙතත් යාපනයේ සිට කළුතර මුහුදු කලාපයේ සිදුවන ක්‍රියාකාරකම් සහ ඉන්දියාවට බෝට්ටුවලින් හොරෙන් යන එන අය ගැන දැඩිව විමසිලිවත් වෙන්න. මාලදිවයින් කාරයොත් විශ්වාස කරන්න එපා.

  3. Hudson says:

    Enna thaleta kiyamu wada Karanawa wiruwa…..

  4. කිරුලපන says:

    Sir Fail!!!

  5. Jagath says:

    දවසටම උපරිම දාන්න පුළුවන් මරණ 5. ස එක්ක ලේසී නෑ.

  6. ක්‍රිමිනල් says:

    දෛනික මරණ සංක්‍යාව හතරත් පහත් අතරේ , දෛණික කොවිඩ්19 ආසාධිතයන් හාරසීයත් පන්සීයයත් අතරේ , නිවසේ සිටියදි මියයන ප්‍රතිශතය ඉහල මට්ටමක , කළුතර ප්‍රදේශයෙන්ද කොවිඩ්19 මරණයක් වාර්තාවෙලා , මේ දත්ත වලින් පෙන්නන්නේ මොකද්ද ? සමාජයේ හදුනා නොගත් රෝගීන් ඉන්නවා , කොළඹ නගරයේ 30,000 කට එහා කොවිඩ් වාහකයන් සිටිය හැකි බව කොළඹ නගරය භාර සෞඛ්‍ය අංශයන් ඉගි පල කරනවා.මහත්තයො ! කරුණාකරලා අන්ඩර් කන්ට්‍රොල් ,අපි ඉදිරියෙන් කියලා පම්පෝරී ගහලා පොරවල් උනාට වැඩක් නෑ ,මේ වසංගතයෙන් පීඩා විදින්නේ , මැරෙන්නේ පොඩි මිනිහා , කරුණාකරලා රට ෆේල් වෙන්න දෙන්න එපා ! මේක කාරුණික ආයාචනයක් !

  7. සාධාරණ කොටා says:

    සර් නං පට්ටම ෆෛල් ….

  8. සමන්ත says:

    මේ සිරි ලංකාව පුදුම රටක් බොහෝදුරට මැරෙන්නේ 5 ක් නැත්නම් අඩුවෙන් සමහර විට මේ අය මැරෙන මිනිසුන් ඒ දවසට නොකියා එකතු කරගෙන ඉදලා කියනවා ඇති. නැත්නම් මෙහෙම වෙන්න බෑ. රෝසි ඉල්ලනවා සති දෙකකට නගරය වහන්න. නගරයේ ප්‍රධාන පුරවැසියා විදිහට ඇයට අයිතියක් තියෙනවා ජනතාව ගැන ඒත රජය නිහඬයි. පස්සේ ගම්පහ කොරෝනා වැඩි වෙනකම් ඉදලා වැහුවා වගේ වහලදායි. ගම්පහ එක්කෙනා දෙන්නා හමුවෙන කොට වහලා දැම්මා නම් අද කොරෝනා මෙච්චර වැඩි නොවෙන්නත් තිබ්බා.

  9. සමනලයා says:

    තාම කොරෝනා සමාජගත වෙලා නැති අතර සමාජය කොරෝනා ගත වෙලා රෝගීන් සහ නිවසේදී සිදුවන මරණ වැඩි වී ඇත. සෑම එකක්ම එකකට එකක් බැදි අන්තිමට වූහාන් පොකුරට සම්බන්ධ වේ. කොරෝනා සමාජගත වුනු ස්ථානයට. එතනින් මෙපිට ලෝකයේ කිසිම රටක කොරෝනා සමාජගත වී නොමැත අපේ විද්වතුන්ට අනුව..

  10. Saradiel says:

    නිවන් සැප ලැබේවා

Leave a Comment

Main News