තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…

November 19, 2020 at 11:57 pm | lanka C news
තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…

තවත් කොරොනා ආසාදිතයන් 04 දෙනකු මරණයට පත්වී තිබේ.

ඔවුන්ද සමඟ මෙරට කොරෝනා ආසාදිතයන් 73 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසිනි මෙම තොරතුරු තහවුරු කරයි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 70ක පුද්ගලයෙක් කොළඹ පෞද්ගලික රෝහලකදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදිත වීමෙන් නියුමෝනියා තත්වය උත්සන්න වීම මරණයට හේතුවයි.

කොළඹ 15 පදිංචි අවුරුදු 27ක් වන කාන්තාවක් මුල්ලේරියාව රෝහලේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ කොරෝනා ආසාදනය නිසා අක්මා රෝගී තත්වය උත්සන්න වීමයි.

වයස අවුරුදු 59ක් වූ කළුතර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සිය නිවසේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය නිසා ඇතිවූ අධික රුධිර පීඩනය හා පපුවේ වේදනාව මරණයට හේතුවයි.

කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය නිසා ඇති වූ හෘදයාබාධයක් මරණයට හේතුවයි.

38,093 views

12 Comments to “තවත් ආසාදිතයන් 04න් මිය යයි… දෙදෙනෙක් නිවසේදී…”

  1. amarapaala says:

    Pitaratawala 90-100 kiyala Lankawe um marenawa ..Ewwat Sir Wagakiyannadaa ?
    nathnam nodannawa wage innawada ?

Leave a Comment

Main News