තවත් ආසාදිතයන් 280ක්.. මෙරට ආසාදිතයන් 8000 පනී.. සමාජ ව්‍යෘප්තියක් නෑ..

October 26, 2020 at 8:05 pm | lanka C news
තවත් ආසාදිතයන් 280ක්.. මෙරට ආසාදිතයන් 8000 පනී.. සමාජ ව්‍යෘප්තියක් නෑ..

අද දිනය තුළ මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 280 දෙනෙකු හදුනාගෙන තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන වලින් 15 දෙනෙක්, දිවුලපිටිය හා පෑලියගොඩ පොකුරේ ආශ‍්‍රිතයන් තවත් 265 දෙනෙකු මෙසේ හඳුනාගෙන තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට හමුවු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අට දහස (8152) ඉක්මවා ගොස් තිබේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවක් 4203කි.

කෙසේ නමුත් මෙම තත්ත්වය සමාජගත වීමක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය සුදත් සමරවිර මහතා සඳහන් කළේය.

32,556 views

13 Comments to “තවත් ආසාදිතයන් 280ක්.. මෙරට ආසාදිතයන් 8000 පනී.. සමාජ ව්‍යෘප්තියක් නෑ..”

  1. කුම්බලා ලාබයි..!🤣🤣 says:

    ඒත් මුහුදේ මාලුවගෙන් සමාජ ව්‍යාප්ති වෙලා..!

    • නිමල් says:

      හොඳයි සමාජ ව්‍යාප්තිය තියෙනවා කියලා ප්‍රකාශ කරොත් මහජනයා හැටියට අපිට තියෙන වාසිය මොකක්ද? හැමදාම අපිට පුරුදු විදියට විවේචනය කර කර ඉන්න පුලුවන් .පොර වෙන්න පුලුවන් .රටක් හැටියට මේ ඔක්කොම සටන නවත්තලා ඔක්කොම open කරලා දාන්න වෙනවා.නිරෝධායනය අරක මේක මුකුත් ඔන නැහැ.මැරෙනකන් බලන් ඉන්න පුලුවන් .ඒත් පරාජය පෙනි පෙනී මුන් සෞඛ්‍ය ආරක්ශක එකතුවෙලා දෙන ගේමට සපෝට් එකක් දීපල්ලා.උන්ටත් පුලුවන් දැන් සමාජ ව්‍යාප්තිය ආවා කියලා කඩේ වහලා අපි මැරෙන්කන් බලන් ඉන්න.ඒත් එහෙම නොකර සටන් අත් අරින්න නැතුව ගහන ගේමට සපෝට් කරන්න බැරිනම් කෑ නොගහ හිටපල්ලා

  2. Dp says:

    දරුනු ලෙස පැතිරිලා තමයි.එ්ත් තාමත් පාලනයෙන් ගිලිහිලා නෑ. හැමෝම තමුන්ගේ වගකීම ගන්න.පාලනයේ වරදක් වුනත් මේක අපේ රට.

    • 🤣🤣🤣😄😄😄 says:

      ප්‍රංශයේ “සිලෝන් ටී ” ප්‍රචාරය කරන්නට මාස්ක් එකක “සිලෝන් ටී ” කියල ගහලා නොමිලේ බෙදා හරිනවා… ඒක නියම ඈඩ් එකක් ” කසල තේ ” පටවන අපේ රටට….
      ඒ කියන්නේ නොබී හිටපල්ලා කියලද..??🤣🤣

  3. නිමල් says:

    හොඳයි සමාජ ව්‍යාප්තිය තියෙනවා කියලා ප්‍රකාශ කරොත් මහජනයා හැටියට අපිට තියෙන වාසිය මොකක්ද? හැමදාම අපිට පුරුදු විදියට විවේචනය කර කර ඉන්න පුලුවන් .පොර වෙන්න පුලුවන් .රටක් හැටියට මේ ඔක්කොම සටන නවත්තලා ඔක්කොම open කරලා දාන්න වෙනවා.නිරෝධායනය අරක මේක මුකුත් ඔන නැහැ.මැරෙනකන් බලන් ඉන්න පුලුවන් .ඒත් පරාජය පෙනි පෙනී මුන් සෞඛ්‍ය ආරක්ශක එකතුවෙලා දෙන ගේමට සපෝට් එකක් දීපල්ලා.උන්ටත් පුලුවන් දැන් සමාජ ව්‍යාප්තිය ආවා කියලා කඩේ වහලා අපි මැරෙන්කන් බලන් ඉන්න.ඒත් එහෙම නොකර සටන් අත් අරින්න නැතුව ගහන ගේමට සපෝට් කරන්න බැරිනම් කෑ නොගහ හිටපල්ලා

    • ත්‍රීවීල් says:

      අනේ බම්බු ගේම් ගැහිල්ල… මුං තමන්ගෙම හිතවතුන්ට හම්බ කර ගන්න පිටරටවල උන්ව චාටර් ෆ්ලයිට් වල ගෙන්නලා උන්ගෙම හෙංචයියන්ගෙ හෝටල්වල නවත්තලා මේ දෙවෙනි රැල්ල ගෙන්න ගත්තා. දැං රෙද්දෙ රෙවිලා ඉන්නෙ.
      සමාජ ව්‍යාප්තිය නෑ කියන්නෙ මුංගෙ රෙදි ජාත්‍යන්තරේ ගැලවෙන නිසා, එහෙම නැතුව සමාජ ව්‍යාප්තිය උනාම මිනිස්සු මැරෙන්න ඇරලා බලාඉන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානෙ නිර්ණායක දීලා නෑ,, නොදන්න දේවල් නොකියා හිටපං

    • ක්‍රිමිනල් says:

      බුරූවෝ ! සමාජ වියාප්තීයක් වුනහම ගේම අතාරිනවද ? නැහැ ! තවත් තීව්‍රව සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වෙනවා .මෙතන තියෙන්නේ ජනතාව ඇන්දීමක් විතරයි ,තමන්ගේ පුටුව රැකගන්න ,තනතුරේ එල්ලිලා ඉන්න තියෙන ඇම්ම විතරයි . දැන් , නිරොධායනය කරන්නේ සිය නිවස්නයේ , රොහලට ඇතුලත් කරන්නේ ආසාත්මික තාවයන් ඇති කොවිඩ් ආසාදිතයන් ,මෙයින් කියවෙන්නේ මොකක්ද ?
      # උබ පුන්නක්කු බෛයෙක් නං , හැමදේටම එහෙයි කියනවා වගේ මෙකත් හොද තීරණයක් ,රෙස්පෙක්ට් ස කියයි.
      #හැබැයි උබට ටීක් බෝලයක් තරමට වත් මොලේ තියෙනවනං , හිතා ගන්න පුලුවන් සෞඛ්‍ය සේවා වල අපට ඇති ධාරීතාව අවමයි කියන කාරනාව
      කාරනාව
      තව දුරටත් බෛලාවෙන් අන්දන්නැතුව ජනතාවට සත්‍ය පැවසීය යුතුමයි.

    • Kamal Italy says:

      You are correct brother. This is right vision

  4. සමන්ත says:

    කොරෝනා සමාජ ව්‍යාප්තියක් නෑ කියනවා මටනම් තේරෙන්නේ නෑ මේ කියන දේවල්. එතකොට ඔය හම්බ වෙන ලෙඩ්ඩු සමාජයේ මිනිසුන් නෙමේද? දැන් හම්බ වෙන හැමෝම අර පොකුරට දානවා. එහෙම නැතිව සමාජ ව්‍යාප්තිය කියන්නේ කොරෝනා අහසින් වැටිලා හැදුනොත්ද? පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවාද?

  5. RED BULL says:

    ත්‍රීවීල්,ක්‍රිමිනල් කියන මෙලෝ හසරක් නොතේරෙන උන් දෙන්නෙක් මෙතන බුරනව​.ක්‍රිමිනල් උඹ ගංජ සුරුට්ටුවක් ගහල ත්‍රීවීලෙට වෙලා බුදිය ගනින්.උඹල වගේ උන් බලාන ඉන්නෙ රටට කෙලවෙනකන්.මේ වසංගතේ මොකද්ද කියලවත් උඹල දන්නෙ නැහැ.නිකම් පොරවල් වෙන්න හදන්න එපා බං.

  6. baiya says:

    Nimal, Red bull kiyana gon baiyo denna paalakayinge passa lowanawa thamunta kela unath kamak naa kiyala. paalakyo tikak hari janathawa gana hithala theerana ganne umbala wage eheiyo nisa newei. unwa vivechanaya karana unge vivechanawalata baya nisa. umbala unta sudu hunu gaala rata amaruwe daanda epa. umbala dennatama corona hadenda ona.

  7. අපවිත්‍ර වන්නිය says:

    ලක්ශ 1 පැන්නොත් මොකක්ද කියන්නේ? දන්නේ නැති හින්දා අහන්නේ. ගොඩාආආඅක් දැනුම තියෙන අය ලියමු බලන්න සභ්‍ය සිංහලෙන්.

Main News