ශරීයා නීතියක් ලංකාවේ නෑ.. තවත් ඇමතිකම් දෙකක් දිය යුතු බව විමල් කියයි.. එකක් ශ‍්‍රීලනිපයට..

August 24, 2020 at 6:22 am | lanka C news
ශරීයා නීතියක් ලංකාවේ නෑ.. තවත් ඇමතිකම් දෙකක් දිය යුතු බව විමල් කියයි.. එකක් ශ‍්‍රීලනිපයට..

යාපනය දිස්ත්‍රික්කයෙන් තරඟ වැද ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී අංගජන් රාමනාදන් සහ නැගෙනහිර පළාතේන් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලාට ඇමැති ධුරයන් ලබා දිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා කතාවෙන් පෙන්නුම් කරන්නේ එවැන්නක් බවත් ඒ නිසා ‘මංගල උත්සවයක බීමතින් හැසිරෙන පුද්ගලයෙකුට පහරදී එම උත්සවය ගැටුම්කාරී ස්ථානයක් බවට පත් නොකර ගන්නවා‘ සේම එදින ඊට තමන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ප්‍රතිචාර නොදැක්වූ බවත් වීරවංශ මහතා පැවසීය.

හෝමාගම උඩුවන ප්‍රදේශයේ පැවති තම මහ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ පිරිස් වෙත තුති පිදීමේ උත්සවයකදී ඒ මහතා මෙසේ සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“අගෝස්තු 20 වැනිදා 09 වැනි පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කෙරුණු දවස. මඟුල් ගෙදරකදී බීපු නෑදෑයෙක් වංසය කබල් ගාන්න පටන් ගත්තොත් අනෙක් නොබීපු අය කලබල වෙනවාද? නෑදෑයො කලබල වුණොත් මඟුල් ගෙදරට මොකද වෙන්නේ? එදා 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය දා විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය මම නම් දකින්නේ ඉහත කී, ‘මඟුල් ගෙදර බීමත් නෑදෑයාගේ ක්‍රියා කලාපයට’ සමාන වූවක් ලෙසයි.

‘සම්බන්ධන්ට වඩා ලොකු වීරයෙකු වීම ’

විග්නේෂ්වරන්ට උවමනා ‘මම සම්බන්ධන්ට වඩා දෙමළ ජනතාවට කිට්ටුයි’ කියා පෙන්වීමටයි. කොළඹ හතේ ජීවත් වුණු, රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු, තමන්ගේ දරුවන් දෙදෙනාම සිංහල අයට විවාහ කර දුන් අයෙකු නිසා, විග්නේෂ්වරන්ට දෙමළ ජනතාවට ළං වීමට මඟක් උවමනායි. ඇඟේ නැති ජාති ආලයක් පෙන්වන්නයි මෙයා පාර්ලිමේන්තු ඇවිත් කියන්නේ ‘ලෝකයේ පැරණිම භාෂාව දමිළ භාෂාව’ කියා. එහෙම කියපු ගමන් ‘අවුස්සා ගන්න’ පුඵවන්. එවිට ඒක දෙමළ පත්තරේ ‘හෙඞ් ලයින්’ දාන්න පුඵවන්. ඊට පස්සේ තමයි විග්නේෂ්වරන්ට, සම්බන්ධන්ට වඩා ලොකු වීරයෙකු වීමට පුඵවන් වෙන්නේ. ඒකට තමයි විග්නේෂ්වරන් 09 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සුබ පැතුමට ලැබුණු අවස්ථාවේ ‘ඇම දාලා’ බැලුවේ.

‘අද උතුරේ දමිළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා’

මේ විදියට අද විග්නේෂ්වරන්ලාට හැසිරෙන්නට සිදුවී ඇත්තේ ඇයි, කියා අපි විමසා බැලිය යුතුයි. අද උතුරේ දෙමළ ජන සමාජය ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. මන්ත්‍රී ධුර 16ක් තිබුණු දෙමළ ජාතික සන්ධානය අද මන්ත්‍රී ධුර 10කට පල්ලම් බැහැලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යාපනය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හකීම්ලාගේ බලාධිකාරිය මැද්දේ ඒ. එච්. එම්. අතාවුල්ලා මහතාට නැගෙනහිරින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබෙනවා. එමඟින් පෙනී යන්නේ ක්‍රමානුකූලව දමිළ – මුස්ලිම් ජන සමාජ අන්තවාදය, ජාතිවාදය ප්‍රතික්ෂේප කරලා එකම රටක ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් විය හැකි අනාගතයක් හැදීමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් තිබෙන බවයි. ඒ ප්‍රවණතාවට අපි ජීවය දිය යුතුයි.

මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි

‘යාපනයෙන් ජයගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමාට සහ හකීම්ලාගේ ප්‍රහාර මැද්දේ නැගෙනහිරින් මැති සබය ජයගත් අතාවුල්ලාටත් අමාත්‍ය ධුර ලබා දිය යුතුයි’ කියා මා දකිනවා. අපි ඒ මධ්‍යස්ථ ජන නායකයන් ශක්තිමත් කළ යුතුයි. එවිට තමයි ඒ ජන නායකයන් ඒ ජන සමාජ තුළ වඩ වඩාත් ශක්තිමත් වන්නේ. එවිට තමයි හකීම්ලාගේ – රිෂාඞ්ලාගේ සහරාන්ලා සමඟ ‘උකු`ඵ මුකු`ඵ’ කළ අන්තවාදී දේශපාලනය, අතුගා දැමීමට හැකිවන්නේ. එවිට තමයි විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනයට තවදුරටත් පැවැත්මක් නැතිවන්නේ. එහෙම කළොත් තමයි ඉහත කී ජාතිවාදී කල්ලිවලට මේ රටේ ඉරණම තීරණය කිරීමට නොහැකි වන්නේ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්

අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රට රැගෙන යමින් තිබෙන්නේ ජාතිවාදී කල්ලිවලට තවතවත් සෙල්ලම් කරන්න පු`ඵවන් අනාගතයකට නොවෙයි. මේ රට තවදුරටත් ස්ථාවර කර ඒකීයභාවය බලවත් කරන, කාටවත් ඇඟිලි ගැසිය නොහැකි බලවත් රාජ්‍යයක් සඳහා වන ගමන තමයි අද අපි යමින් තිබෙන්නේ. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තව ටික කලකින් එනවා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාවර රටක්, එහෙට මෙහෙට ‘ නල දත වගේ’ හෙල්ලෙන්නේ නැති රාජ්‍යයක් හැදෙනවා. ඒ රාජ්‍යය තමයි තමුන්නාන්සේලාගේ දරුවන්ගේ අනාගතයට ආරක්ෂාව සලසන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉතා පැහැදිලිව කීවා, ‘ එක රටක් – එක නීතියක් ’ කියා. එය එක් එක් පුද්ගලයාට උවමනා පරිදි අර්ථකථනය කිරීමට බැහැ.

‘2/3 ක පදනමක්’

පසුගිය දිනෙක සජිත් පිලේ මන්ත්‍රීවරයකු පැවසුවා, ‘මේ රටේ ෂරියා නීතිය තිබෙනවා’ කියා. මේ රටේ ෂරියා නීතියක් නැහැ. සජිත්ගේ ගෝලයනුත් ඔහු වගේමයි. කෙසේ වෙතත් ‘එක රටක් – එක නීතියක් ’ සහිත අභිමානවත් පරිවර්තනයක් සිදුවන විට ඒ අභිමානවත් පරිවර්තනයේ සාක්ෂිකරුවන් ඔබයි. පසුගිය මහ මැතිවරණයෙන් දමනු ලැබුවේ ඒ අභිමානවත් පරිවර්තනය සඳහා වූ පදනමයි. එය සු`ඵපටු පදනමක් නොවෙයි, 2/3ක පදනමක්.

කුහක විපක්ෂය

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තමන්ට සජිත් ප්‍රේමදාස තරම්වත් මොළයක් නැති බව පෙන්වූවා. ඔහු ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවට පැම්ණෙන ආකාරය කිසිදාක දැක නැති අයකු ලෙසයි, ‘සුදු ඉර කැපීමක්’ ගැන කතා කලේ.පාර්ලිමේන්තුව සඳහා වෙන්වූ මාර්ගයේ සියලු ජනාධිපතිවරු උත්සවාකාරයෙන් පාර්ලිමේන්තුව වෙත පැමිණෙන්නේ එම මාර්ගය මැද්දේයි. ඔවුන්ගේ කුහකකමට දැන් එවැනි දේ කතා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ අද රතු පැහැය අතහැරලා ‘එන්ජීඕ පාට – දම් පාට’ තෝරාගෙන තිබෙනවා. ආණ්ඩුව ඉතාමත් කුහක ලෙස විවේචනය කරනවා හැර ඔවුන්ට වෙනත් කාර්යයක් නැති වගයි පෙනෙන්නේ. ඔවුන් ඊළඟ මැතිවරණවලදී 3%ත් අහිමි කර ගනිවී. අපි මේ සියලු කුහකකම් මැද්දේ 2/3ක බලය 5/6ක බලයක් දක්වා වර්ධනය කරගෙන බලවත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා මු`ඵ වැර යොදා කටයුතු කළ යුතුයි.”

මෙම ජන හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ලක්මව දියණියෝ සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්, හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී කොතලාවල යන අය පැමිණි සිටි අතර එය ජානිපෙ උඩුවන සංවිධායක සිසිර බණ්ඩාර මහතා විසින් සංවිධානය කර තිබිණි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්

120,960 views

17 Comments to “ශරීයා නීතියක් ලංකාවේ නෑ.. තවත් ඇමතිකම් දෙකක් දිය යුතු බව විමල් කියයි.. එකක් ශ‍්‍රීලනිපයට..”

  1. Lakshman says:

    Proud of the vision and stating the facts Hon. Minister Wimal.

  2. Love nature says:

    “නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී”

  3. LION says:

    මේ සිංහල අපගෙ රටයි
    අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි
    මුළු ලොව ඒ රටට යටයි…

    අහස සිඹින ගිරි කඳුරු
    පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු
    එරට අසිරි සිරි එයුරූ…

    මව්බිම වෙනුවෙන් පොරණේ
    දිවි දුන් විරු දරුවන්නේ
    ලේ වලිනුයි ඒ දෙරණේ
    මිණි කැට මුතු කැට මැවුණේ…

    සමනොළ ගිරි වළළු බිමේ
    සුදු සිරිපා පිපෙන හිමේ
    සම කරුණා ගුණ මහිමේ
    අප උපතින් ලද උරුමේ…

  4. sajitha says:

    wimal gena wiswasai. namuth lankawe halal thiyanawa neda? a thama sharia. godagama abayatissa hamuduruwo likitha saakki, namkala muslim sakki karuwan ethuwa prasiddiye prakasha kala neda negenhira pradeshaye pudgalayan 20 kata wediya marana dandanayata pemina u bawa (bella kapalada danne ne, namuth minisun epamana marala thiyanawa a himi kiwwa eka eththanam lankawe sharia ne kiyala kiyanta puluwanda?. mewagena policiyen hoya beluwada?

Main News