තවත් ඇමති ධුර 10ක් අගමැති නිර්දේශ කරයි.. ලයිස්තුව ජනාධිපතිට යවයි..

April 4, 2019 at 3:25 am | lanka C news
තවත් ඇමති ධුර 10ක් අගමැති නිර්දේශ කරයි.. ලයිස්තුව ජනාධිපතිට යවයි..

අලුතින් ඇමතිධුර ලබා දිය යුතු 10 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇති බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හය දෙනෙක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන 04 දෙනෙකුව මෙසේ ඇමති ධූර සඳහා යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.

විජිතමුනි සොයිසා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, මනුෂ නානායක්කාර, ඉන්දික බණ්ඩාරනායක යන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පාලිත රංග බණ්ඩාර, වසන්ත සේනානායක, ඩී.එම්. ස්වාමිනාදන් යන එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු දස දෙනෙකුගේ නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා විසින් තවත් ඇමතිධූර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

93 views

8 Comments to “තවත් ඇමති ධුර 10ක් අගමැති නිර්දේශ කරයි.. ලයිස්තුව ජනාධිපතිට යවයි..”

  1. බන්ඩා says:

    තමන් බලයට පත්වන්න දුන් පොරොන්දු අමතක කර යූඑන්පී සහ දූෂණ විරොධය සහ එල්ලුම් ගහ මතින් සිරිසේන ජනතාව අන්දවා ඔවන්ගේ සිත් ගැනීමට උත්සාහ කරනවා.

  2. Upul says:

    Stop this f’ing idiotic process of appointing more and more ministers. This “Naki Seeya” should go home now, without ruining the country anymore.

  3. මැදමුලනෙ මුත්තා says:

    මොනව ප්‍රතික්ෂේප කළත් අවසානයේ ඔය ඇමතිකමි දෙන්න වෙනවා. 225 ම අත්සන් කරල ගෙනාවත් රනිල්ට අගමැතිකම දෙන්නෙ නෑ කියල අන්තිමට දුන්නා.
    කතාව දෝලාවෙන් ගමන පයින්.

  4. Sirisena Yatawara says:

    Under the good governance by rule of law People of Sri Lankan lost basic to Right to live of that Energy and Water .But Western Embassies in Colombo are happy ,why that our people are suffering fro man made distress ,then they can rule of country by their military-power .That logic of foreign -power . The is that crisis is blessing for by West “God “.

  5. Sadu Banda says:

    It does matter millions of People do not have to Drinking Water ? ! , that No electric-power at the poor people houses, but Ranil Wicks of UNP that wanted more Minster to Rule the People?

    What is that UNP thinking of People of Sri Lankan ? Why ruling by so many another 10 Minsters for WHOM? Is that democracy of UNP of RW ?

  6. කැලණියෙ දමියා says:

    පත්තරේ බලල හැමදේම දැනගන්න සිරිසේනව විශ්වාස කළ හැකිද? අන්තිමට ඇමතිකම් 10 ට 15 ක්ම දෙන්න පුලුවන්.

  7. sunimal says:

    නැව ගිලුනත් බෑන් චුන් ලැජ්ජයි

  8. sanka says:

    මගේ නමත් තිබුණද කියලා බලන්න…

Main News