තවත් ඇමති ධුර 50ක්…?

May 30, 2022 at 3:22 am | lanka C news
තවත් ඇමති ධුර 50ක්…?

තවත් පනස් දෙනෙකුට පමණ ඇමති ධුර ලබාදීමට යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

එසේ ඇමතිධූර ලබා දී 21 වන සංශෝධනය සම්මත කර ගැනීමට උත්සාහයක් දරන බවද හෙතෙම පැවසීය.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරයි.

දේශපාලන වාසි වලට ලාබ වලට කටයුතු කරන්නේ නම් අද තමන් මුදල් අමාත්‍යවරයා බවද හෙතෙම එහිදී කියා සිටියේය.

තම මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පෝලිමක සිටින අතරතුර ඔහු මෙම වීඩියෝව අන්තර්ජාලයට එක්කර තිබේ.

65,143 views

14 Comments to “තවත් ඇමති ධුර 50ක්…?”

  1. Krishan Senarath says:

    මෙරට අඩුම වැටුප් තියෙන්නේ රජයේ සේවකයින්ට එයිනුත් කුඩාම්මගේ සැලකිලි ලබන්නේ යටත් නිලධාරීන් කණිෂ්ඨ සේවකයින් ලෙස ගැනෙන පියන් රියදුරන්ට ඕටි බටා සියල්ල හිමියි මාණ්ඩලික නිලධාරීන්ට විවිධ දිමනා ඉන්ධන දුරකථන සහ තවත් දිමනා ඇතුලත්ව තිබේ යටත් නිලධාරීන් ලෙස ගැනෙන කළමනාකරණ සේවා නිලධාරීන්ට අඩුම මෝටර් සයිකල් දෙනවිටවත් එය ලබාදුන්නේ නැහැ ඔවුන්ට කිසිවක් ලබා නොදි සේවය විතරක් පිඩාවට පත්කරමින් ලබාගනි

  2. චංදරේ says:

    ඉතිං හොඳයි , ලේසියි , පහසුයි . ආ .. එන්ඩේයි තව ටික දෙනාටයි , ඔක්කොම දෙසිය විසි පහයි . ඊට වැඩිය නං එකක් වත් ඉල්ලන්න එපා . ලා බා යී …. එංඩේයී ….. ගංඩේයී …….

  3. විරෝධතා says:

    ඉන්ධන, ගෑස් පෝලිම් නැති කරන්න 21ට අත උස්සන්න….ඊට පස්සෙ ඔලුවෙන් හිටගන්න…නැත්නම් ඉන්ධන සහ ගෑස් දෙන්න වෙන්නෙ නෑ….කොහොමද ටිකිරි දැනුම…

Main News