තවත් එකක් රිවස්… කෘෂි රසායන ගෙන්වීම එක සමාගමකට දෙන්න යන්නේ..

August 25, 2021 at 4:40 pm | lanka C news
තවත් එකක් රිවස්… කෘෂි රසායන ගෙන්වීම එක සමාගමකට දෙන්න යන්නේ..

කෘෂි රසායන ගෙන්වීම තහනම් කරමින් ආණ්ඩුව පනවා තිබූ ගැසට් නිවේදනය කැබිනට් මණ්ඩලය හරහා රිවස් කරමින් කෘෂි රසායන ගෙන්වීමට එක් සමාගකට අවසර ලබාදීමට සූදානම් වන බවත්, ආණ්ඩුව යළිත් වරක් ගජ මිතුරන්ට සැලකීමට උත්සාහ ගනිමින් සිටින්නේදැයි ප‍්‍රශ්ණ කරන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රුපියල් බිලියන 10ක් වටිනා රසායන ගෙන්වීමට අවසර දෙන්නේ කාගේ අවශ්‍යතාවය අනුවදැයි අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ඔහු ප‍්‍රශ්ණ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

ජාතික ආරක්ෂාව පෙන්නලා බලයට ඇවිත් මේ වන විට මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව නැති වෙලා. මිනිස් ජිවිත නොවටිනාගානට ජීවිත අහිමිවෙමින් තිබෙන විට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය බරපතල අර්බුදයකට ලක්වෙලා.

පොහොර සම්බන්ධයෙන් අත්තනෝමතික තීන්දුවක් ගනිපු නිසාම ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල අර්බුදයක් ඇතිවෙලා. අද වන විට මොනරාගල, අම්පාර, උතුරු මැද පළාතේ බඩ ඉරිගු ගොවියා ඊළග කන්නයේ වගා කිරීම ගැන කල්පනා කරනවා. තේ වගාකරුවා තවදුරටත් තේ වගාව පත්වාගෙන යනවාද කියලා හිතනවා. හෙට දවසේදී වී වගාවක කරනවාද කියලා වී ගොවියා නැවත වරක් සිතමින් ඉන්නවා.

ව්‍යාපාර කෘෂිකර්මාන්තය කරන බඩ ඉරිගු ගොවීන්ට බරපතල ගැටලුවක් ඇතිවෙලා. බඩ ඉරිගු කද තමයි සත්ව ආහාර ලෙස යොදාගන්නේ. ලබන අවුරුද්ද වන විට හරක්ට ආහාර ලෙස බඩඉරිගු කදන් නැතිවෙලා කිරි නිෂ්පාදනයටත් බලපෑම් එන්න පුලුවන්. එවිට මේ රටේ කිරි නිෂ්පාදනයත් පහළ ගිහින් බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙනවා.

වසරකට කෘෂි අපනයනයෙන් ඩොලර් බිලියන දෙකයි දශම පහක ආදායමක් ලැබෙනවා. මේ ආදායම අහිමි කරගැනිමටද ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ආණ්ඩුව පසුගිය දවසේ පකිස්ථානයෙන් හාල් අරගෙන ආවා. බැර ලෝහ තියෙන නිසා ජනතාව ලෙඩ වෙනවා කියලා රසායනික පොහොර තහනම් කළා. දැන් මේ විදියට පකිස්ථානයෙන් ගෙනාවේ කාබනික සහල්ද? ඒ සහල්වල බැර ලෝහ නැද්ද? ආණ්ඩුව ජනතාව වකුගඩු රෝගීන් විය හැකි බව කියලා, ජනතාවගේ හදවතට කතා කරලා අද අමාරුවේ වැටිලා ඉන්නවා.

හෙට අනිද්දා වන විට එළවළු ගොවීන්, එළවලු වගා කරන්නේ නැති වන විට, අඩුවන එළවළු නිෂ්පාදනයේ හිඩැස පුරවාගන්නේ කොහාමද? ඒ එළවළු ටිකත් පිටරටින් අරගෙන එනවාද? පිටරටින් ගේන්නේ කාබනික එළවළුද? ඒ විදියට කාබනික එළවළු ගෙන්වීමට ආණ්ඩුවට මුදල් තියෙනවාද?

ඩොලර් නැතිව තෙල් ණයට ගන්න ආණ්ඩුව, බංගලාදේශයටත් ණය වෙන ආණ්ඩුවට හාල්, එළවළු පිටරටින් අරගෙන එන්න ආණ්ඩුවට ඩොලර් තියෙනවාද? එහෙම වුනොත් බරපතල තත්වයක් මේ රටේ නිර්මාණය වෙන්න පුලුවන්.

මේවා අපිට චීනයෙන් නොමිලේ දේවිද දන්නේ නැහැ. එහෙම වුනොත් අපේ රට පවරාගැනීම හැර වෙන කිසිම දෙයක් කරන එකක් නැහැ.

දැනට ගෙන්වන ආහාර කාබනිකද, රසායනික ද‍්‍රව්‍ය යොදා තිනෙවාද කියලා සොයා නොබලන ආණ්ඩුව දැන් කිඹුල් කදුළු හෙලලා කාබනික වගාවක් ගැන කතා කරන්නේ ඩොලර් සාගතය නිසා මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි.

ආණ්ඩුව ගොවීන්ට මහ කන්නයේදී වගාව සදහා කාබනික පොහොර ලබාදීමට ආණ්ඩුවට තියෙන සැලසුම කුමක්ද? මහ කන්නයේදී අක්කර ලක්ෂ 14ක වී වගා කරනවා. මේ සදහා අවශ්‍ය කාබනික පොහොර සකස් කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවාද? එහෙම නැතිනම් ආනයනය කිරීමට ද සූදානම් වෙන්නේ.

දැන් හැමතැනම කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. නමුත් ඒවායේ නියමිත නටිට‍්‍රජන් ප‍්‍රමාණය ඇතුළත් වෙන්නේ නෑ. නයිට‍්‍රජන් ප‍්‍රමාණය නියමිත පරිදි නැතිනම් කාබනික පොහාර නිෂ්පාදකයාට මොකද වෙන්නේ. එහෙම නැතිනම් දියර පොහොර කියලා ජනතාව නැවත වරක් ගොනාට අන්දන්නද ආණ්ඩුව සූදානම් වෙන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

ලංකාවට ආනයනය කරන රසායනික ද‍්‍රව්‍යවලින් සියයට 60ක්ම වල් නායශක. කාබනික වගාවට යනවා නම් වල් නාශක සදහා විකල්පයක් සොයා ගැනීමට සිදුවෙනවා. වී වගාවවත්, බඩ ඉරිගු වගාවවත්, තේ වගාවවත්, වල් නාශක නැතිව කරගෙන යන්න බැහැ. වල් නාශකවලට වගේම දිලීර නාශක සදහාත් ආණ්ඩුව කාබනික විසදුමක් සොයාගෙන තිබෙනවාද?

මේ කන්නයේදී ගොවියා අනාථ වෙලා තියෙන්නේ. ලබන කන්නයේදීත් ගොවියා අනාථ වුනොත් ආහාර සුරක්ෂිතතාවය ගැන බරපතල අර්බුදයක් ඇතිවෙනවා.

ආණ්ඩුව යළිත් වරක් ගැසට් රිවස් කරමින් ගජමිතුරෙක්ට සලකන්න හදනවා. මොනම හේතුවක් නිසාවත්, රසායනික පොහොර තහනම ඉවත් කරන්නේ නෑ කිව්වා. රසායනික පොහොර බිංදුවක් ගේන්න දෙන්නේ නෑ කියලා ජනාධිපතිවරයා කිව්වා. ජනාධිපති ප‍්‍රකාශකවරු නැවත නැවත කිව්වා. ඇමැතිවරු පාර්ලිමේන්තුවේදී කිව්වා.

ඒත් රසායනික පළිබෝධ 114 කින් 35ක් ගෙන්වීමට පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කරලා තියෙනවා. මේකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නාද

අවුරුද්දට රුපියල් බිලියන 12ක පළිබෝධනාශක ලංකාවට ආනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. එයින් රුපියල් බිලියන 10ක් වටිනා පළිබෝධනාශක ගේන්නේ එක සමාගමක්. ලංකාවේ සමාගම් 29ක් අතරින් එක් සමාගමකට පමණක් රසායනික පළිබෝධක ගෙන්වීමට අවසර දෙන්නේ කුමන අවශ්‍යතාවයක් නිසාද?

දිලීරනාශක සහ කෘමිනාශක ගෙන්වීමට තමයි අවසර ලබාදී තියෙන්නේ. වල් නාශක ගෙන්වීමට අවසර ලබාදී නැහැ. අපි මේ ලේඛණ මාධ්‍යයට ලබාදෙනවා.

ලෝකයේ පළමු කාබනික රට ලංකාව කියලා ජනාධිපතිවරයා කිව්වා. අනික් ගැසට් රිවස් කළා වගේ සද්ද නැතිව මේ ගැසට් එකත් රිවස් කරන්න හදන්නේ ගොවි ජනතාව රැුවටීමටද? ලෝකය රැුවටීමටද? නයි ධාතු පෙන්නුවා වගේ, මුට්ටි ගගට දැම්මා වගේ, ජනතාවට රවටන්නද හදන්නේ. ලෝකයේ එකම කාබනික රට ලංකාව කියලා කියන්න හදපු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය හරහා ගැසට් එක රිවස් කරන්නද හදන්නේ කියලා ප‍්‍රශ්ණ කරනවා

සමාගම් 19 ක් තියෙන තැන එක සමාගමකට පමණක් දිලිර නාශක ගෙන්වීමට අවසර ලබාදෙන්නේ කාගේ අවශ්‍යතාවය මතද? ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? නියෝජ්‍ය ඇමැතිවරයාගේ අවශ්‍යතාවය මත මේක කරනවාද? කාගේ උවමනාවට තනි පුද්ගලයෙක්ට මේ ව්‍යාපාරය ලබාදෙන්න හදනවාද?

අර සීනි ව්‍යාපාරය වගේ, ඇන්ටිජන් ඒකාධිකාරයක් හැදුව වගේ, හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කරලා ගරානාවක් කරගැනීමට අවස්ථාව ලබාදුන්නා වගේ ගොවීන් අමාරුවේ දාලා කෘෂි රසායන ගෙන්වීමත් ගජ මිතුරන්ට සලකන ගරානාවක් බවට පත් කිරීමටද සූදානම් වෙන්නේ?

– midea unit

47,437 views

27 Comments to “තවත් එකක් රිවස්… කෘෂි රසායන ගෙන්වීම එක සමාගමකට දෙන්න යන්නේ..”

  1. dev says:

    ennath hari naa kiwwa . dan eka ganata yanakota mekata kaa gahanawa. ewa sarthaka wenakota wena ekak hoya ganin amanusha

    • ගෞම් ඊයාරාජ් says:

      අනේ ගොං බෛයො ඌ කියන දේ තෙරුම් ගනින්කො , එක පාරටම කාබනික පොහොර කතාන්දරයක් ඇදලා , රසායනික පොහොර තහනම් කරා , දැන් එකපාරටම හීනෙන් බයවෙලා වගේ ඇහැරිලා , කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29ක තිබු අයිතිය , එක් සමාගමක බල අධිකාරියකට යටත් කරන්න යනවා , උබගේ පරිප්පු ඇටයක් තරං සුට්ටං මොළේට තෙරෙන්නැද්ද ගොනො කරන්න යන දේ මොකක්ද කියලා ?

      • ජනජය says:

        ඈ හරකෝ…මොළේ කියන්නෙ මොකක් කියලද තෝ හිතාන ඉන්නෙ…කෘෂි රසායන ආනයනය කරන සමාගම් 29 කට තිබූ අයිතිය …කෝම වස කෑමක්ද අපි කාල තියෙන්නෙ….තොගෙ අවජාතක පශ්චාත් භාගයට ඕක තේරෙන්නෙ නැද්ද ?

        • ගෞම් ඊයාරාජ් says:

          තොගේ අම්මා මුත්තා කාලේ ඉදලම තමයි ඔය කෑම කන්නේ , තොට ඔන්නං ඔර්ගනික් ෆූඩ් අයිල් එකකට ගිහින් ගනිං ඔර්ගනික් කෑම බීම , අපි කාපූ විදියට අපිට කන්න දීපං ,මේ රටේ මිනිස්සු හාමතේ මරන්නැතුව හිටපිය ගොං වාහේ. එක රටක් කියපං සියයට සියක් කාබනික වගාවෙන් ස්වයංපෝෂිත ? මී හරකො , කාබනික පාර්ට් එක දාලා “ඩීල්” එක ගහන්න යන්නේ , උබයි මායි කන ඔරගනික් ෆූඩ් ! වලක් කපං වැලලියං මෝඩ බෛයා.

          • ජනජය says:

            අම්ම මුත්ත කාලෙ කිව්වෙ කොච්චර ලොකු කාලෙකටද අවලමෝ…උඹ ඒක කියන්න දන්නෙ නෑ …90 පස්සෙ පදුරු වල ජාතක උනු බොලෑ හැටි ඔහොමයි බං…ගනං ගන්න එපා..තොට කොහොමත් ටික කාලයයි..පාට පාට ලී ගෙන් අහගෙන තියා ගනිං මොංගලය හම්බු උනාම කියන්න ඕන දේ…!

      • putano says:

        ගෞම් ඊයාරාජ් oyath wadipura mole hadenna kiyala rasayana pohora gatta ekekda

      • අනේ ගොනෝ says:

        ගවුම් අඳින ගල් ටොයියන්ට මා…ර පොරක්ලු මනූසයා🤣

  2. Planter says:

    If the news item is correct then this is a major reversal and acceptance by the Government that the original decision to ban ahro Chemicals was a blunder….

  3. Chan says:

    උබ වගේ මෝඩ මුසල බුරුවෙක්

  4. කොන්කානිස් ද ජොන් බැප්ට්ස් says:

    ඇනලා මාට්ටු උන 12 කෑල්ලට stress ලු පොඩ්ඩක් ගිහින් බලපං බොරැ බයිලා කියවන්නේ නැතුව

  5. බන්ඩා says:

    ආණ්ඩුව පොහොර වැඩේ අනාගෙන බව වසර ගනනාවක් සිට කොම්පොස්ට් හදපු අපි දිගින් දිගටම කිව්වා.

    • LalithM says:

      මම දිගටම කාබනික පොහොර භාවිතය කල අයෙක්. කෙටි කාලීන භෝග සහ පලා වර්ග වලට ගෘහස්ථ පරිභෝජනය සඳහා සෑහෙන.වානිජ භෝග වලට බිම සකස් කරන වෙලාවට කාබනික පොහොර භාවිතය හොඳම කාලය. නමුත් පසුව යෙදීමට මූලික පොහොර මිශ්‍රණය අවශ්‍යයි.නැතිව අස්වැන්න මදි.වියදම වැඩි.අනික දැන් තියෙන දෙමුහුන් බීජ නියමිත මාත්‍රාවට පොහොර නැතිව පලක් ගන්න බෑ. පොල් වලට කොච්චර කාබනික පෝර දැම්මත් අස්වැන්න ගන්න අමාරුයි.

    • ක්‍රිමිනල් says:

      අපි කියන්නේ කවිද බං? උඔයි… ආයේ කවිද???

  6. වැඩිහියා says:

    මට නම් මුගෙ බොරු අල්ලන්නෙම නෑ

  7. ගෞම් ඊයාරාජ් says:

    දැන් බලමු අමු ගොං බෛයො දාපූ කමෙන්ට්ස් ; නිවුස් එකේ ෆොටො එක බැලුවා , මනුශයා ඉන්නේ ඌට බැන්නා කමෙන්ට් කලා , ඌ මොනාද කියලා තියෙන්නේ කියලා එක ගොං බෛයෙක් කියොලා නෑ , ඒ තරමටම උන් ගොං , මේ වගේ ගොං හැත්තක් එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න පුලුවන්ද බන් ; මුන්ව හොදයි දෙබානට බැදලා පුරං වෙච්චි කුබුරු ටික අස්වද්දන්න , ජහ ජහ ..ගොං බෛයි හැත්ත..😂😂😂😂

    • ජනජය says:

      ඌ කියන්නෙ මොනවද කියල කියවන්න බොල වගේ එවුන් ඉන්නවනෙ….කියවපිය….දැං උංට බලේ තිබ්බනං හරි ලැබුනනං හරි ඌ ඔය කියල තියෙන විදිහටම කොරයි කියල හිතන මොංගලයගෙ ගල් කොල්ලො වන තොපි වගේ උං ඉන්නකල් කෝම මේ රට ගොඩ යන්නද? By the way…මංගල මලා..තෝ දන්නව ඇතිනෙ…!

      • ගෞම් ඊයාරාජ් says:

        පාර්ලීමේන්තු බහුතරයක් නැතුව , කැදහැලියක් එක්ක උන් සාපේක්ශව හොදට කලා ,තුනෙන් දෙකක් තියාගෙන ,විධායක බලතල තියාගෙන ,පවුලම ඉහල පුටුවල තියාගෙන , මන්ධ බුද්ධිකයො වගේ රට කන , මේ මැටි මෝල් බෛයි පාණ්ඩුවට වඩා. මෝඩ වහලා 😂😂😂

        • ජනජය says:

          මේ අනූවෙන් පස්සෙ ඉපදුන එකෝ…කොච්චර හොඳට උන් කලාද කිව්වනං බොලට කන්න කිව්වෙ ක්‍රෝටන් කොල…බොලා කෑවේ බෝම්බ …ආර්ථිකය තිබ්බෙ ඇෆ්ගනිස්තානයට උඩින් ..ලෝක වසංගත නැතිව …උඹ ඔය කොටන්න කලින් පොඩ්ඩක් බලපිය තොගෙ අම්ම අප්ප කව්ද කියල …තොගෙ හොඳට කිව්වෙ !

      • Guest says:

        Ethakota Dan rata goda gihillada thiyenne.

      • Sujith says:

        පට්ට කොමෙන්ට් එක.

  8. Felix says:

    Mekata Comments Daana Political Osthar La, Lin Walne God Awilla, Mee Miniha Kiyana Dee Kiyawaplla… Akur Dannawane….. Pohottuwa Nowai Jeewithaya Kiyanne…. Mama Sabaja or JVP Ayek Nowai… Habai Mee Pudgalaya Kiyala Thiyana Ek Ek Karunu Sampurna Aththa….Mee Minhata Baninawaata Wada Kala Uththe Meyata Hari Pilithuru Seweemai…

    • ජනජය says:

      පළමුවෙන් උඹ සිංහලෙන් කොටන්න ඉගෙන ගනින් …බැරි නං නිකා හිටිහං…අනික දැං මූ …ඌ කියල තියෙන විදිහටම කොරයි උංට බලේ ආවම…එහෙමද උඹ හිතන්නෙ ….එහෙමනං උඹ හිතන්නෙ …වලේ ඉන්නෙ අප නොවෙයි !

      • ගෞම් ඊයාරාජ් says:

        ඇයි දැන් මෙතන කොටන්න ඔනේ උබට ඔනේ විදියටද ? බොල වහලෙක් වෙයං අව්ලක් නෑ , එත් අමු ගොං බෛයි වහලෙක් වෙන්නෙපා , ලැජ්ජයි..😂😂😂

        • ජනජය says:

          උඹ කොටන්න කලින් අර බුදිය ගත්ත ඇද හදල හිටපිය …බීපු තේ කෝප්පෙ හෝදපිය …ඒකත් අම්මට තියන් නැතිව …90 න් පස්සෙ ඉපදුනාට කමක් නෑ…අවජාතක කම පෙන්නන්න එපා පරයො…!

  9. කට says:

    මෙකා කට ඇරියොත් පාලාතම ගද ගහනවා.

    දෙසපාලන වෙදිකාවෙ ඉන්න ගද ගහන චරිතයක්.

  10. mulla says:

    මේ අනිත් පිස්සා. මුන්ගෙ පක්ෂෙ ඉන්නෙම මොංගල්.

Main News