තවත් එකට ආණ්ඩු කරන්න බෑ.. එජාප ඇමතිවරුන්ට කැබිනෙට්ටුවේ පලූ යන්න බනිමින් ජනාධිපති පටිගත කරගනී..

January 17, 2018 at 9:20 am | lanka C news
තවත් එකට ආණ්ඩු කරන්න බෑ.. එජාප ඇමතිවරුන්ට කැබිනෙට්ටුවේ පලූ යන්න බනිමින් ජනාධිපති පටිගත කරගනී..

එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරුන්ට දැඩි වාග් ප්‍රහාරයක්‌ එල්ල කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (16 වැනිදා) පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට ගියේය.

කැබිනට්‌ රැස්‌වීමේ ආරම්භක කතාව කරමින් ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර ඇත. “මගේ මේ කතාව ඔබතුමන්ලාට අවශ්‍ය නොවන්න පුළුවන්. ඒත් මට ඒක අවශ්‍යයි. ඒ නිසා මා එය රෙකෝඩ් කරනවා. මම බැඳුම්කර කොමිසම පත් කරපු එක වැරැදිද? දූෂණවලට විරුද්ධව වැඩ කිරීම වැරැදිද? මෙයට පෙර පැවැති ආණ්‌ඩුවේදී මම දූෂණ විරෝධී ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන විට එහි නායකයන් මගෙන් ඇහුවා ඔබ වෙනමම දේශපාලන ගමනක්‌ යන්න හදනවද, ඔබ කොහොමද ආණ්‌ඩුවේ වැඩවලට විරුද්ධ වෙන්නේ කියලා…

පුරා විනාඩි 35 ක්‌ තිස්‌සේ තම කතාව පැවැත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනතුරුව කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට තම නිල කාමරයට ගොස්‌ ඇත.

තමා බැඳුම්කර කොමිසමේ වාර්තාව ඉදිරිපත් කළේ කිසිවකුටත් හිතාමතා පහර ගැසීමට නොවන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඒ බව කියමින් තමාට දිගට හරහට පහර ගසන බවත් එවැනි පසුබිමක්‌ යටතේ තවදුරටත් එකට ගමනක්‌ යා නොහැකි බවත් ජනාධිපතිවරයා තම කතාවේදී පවසා තිබේ.

කැබිනට්‌ රැස්‌වීමෙන් පිටව ගිය ජනාධිපතිවරයා යළි කැඳවාගෙන ඒමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකුම ජනපති නිල කාමරයට ගොස්‌ ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ කැබිනට්‌ මණ්‌ඩලය රැස්‌වූ අවස්‌ථාවේ එහි මුලසුනේ සිටි ජනාධිපතිවරයා එක දිගට පැය භාගයක්‌ පමණ කතා කරමින් තමා පොළොන්නරුවෙන් දේශපාලනය අරඹා විධායක ජනාධිපති ධුරය දක්‌වා පැමිණි ගමන් මග පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කර ඇත.

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්ව ජනාධිපති වූ තමන් කිසිවිටෙක ගුණමකුවකු නොවන බවත් අගමැතිවරයාට විධායක ජනාධිපති ධුරයේ බලතල පවා ගෙන ක්‍රියාකිරීමට ඉඩ සැලසූ බවත් එහිදී අගමැති ප්‍රමුඛ ජාතික රජයේ කටයුතුවලට තමන් කිසිවිටෙක අත නොගැසූ බවද කියා තිබේ.

එසේ කටයුතු කළ තමන්ට බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් නම් සඳහන් කළ එජාප මන්ත්‍රීවරුන් දිගට හරහට පහර ගසන බවත් එවැනි තත්ත්වයක්‌ යටතේ ආණ්‌ඩුවට එකට ගමනක්‌ යා නොහැකි බවත් පවසමින් මුලසුනින් නැගිට ගිය බව කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ පැවසීය.

අගමැති සහ ඇමැතිවරුන් කිහිප දෙනකු ගොස්‌ ජනාධිපතිවරයා අස්‌වසා නැවත කැබිනට්‌ රැස්‌වීමට කැඳවාගෙන පැමිණි අතර පසුව සුපුරුදු පරිදි කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පවත්වා ගෙන ගිය බවද එම ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

මහින්ද රාජපක්‍ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්‍ෂට කෙළියා වගේ දැන් මේ අය හිතාගෙන ඉන්නේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්නම් කියලා යෑයි පසුගිය 14 දා එජාප මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර් මහතා ගොතටුවේ ජනහමුවකදී කියා සිටියේය.

මින් පෙර අවස්‌ථාවකදී බැඳුම්කර කොමිසම සම්බන්ධව එජාප රාජ්‍ය ඇමැතිවරයකු වන සුජීව සේනසිංහ මහතා ද ජනාධිපතිවරයා විවේචනය කරමින් ප්‍රකාශයක්‌ කර තිබිණි.

– Divaina

61 views

20 Comments to “තවත් එකට ආණ්ඩු කරන්න බෑ.. එජාප ඇමතිවරුන්ට කැබිනෙට්ටුවේ පලූ යන්න බනිමින් ජනාධිපති පටිගත කරගනී..”

  1. Samarapala says:

    21 වන සියවසේ තාරුණ්‍යය හැඩවූ මගේ දුක හා ඇගේ වයිරය කතෘ ගේ දුක වැඩි තරමට නවතම ප්‍රබන්ධය දැන් වෙළද පොලේ

  2. Gamaya says:

    මේ නාටකවලට නොරැවටෙනු. මෛත්රි රනිල් අද්යක්සනයක්.පෙබරවාරි 10 න් පසු මේ රගපැම් ඉවරයි. පොහොට්ටුවට ගේම දෙන නාටකයයි

  3. gaps says:

    Don’t bilive Hitan…
    Grate Lier. ….

  4. David Milli-Banda says:

    Another “Nada Gamak” or Baiscope ekak.

  5. Niro* says:

    Meya me parath ragapanawa chanda tikak kadagena, UNP ekka Ekathuwela Ayeth
    rata vinasa karanna
    Hodata hithala me awasan Awsthawena Pryojanayak Ganne….
    Aye waredda hada ganna awasthawak Enne Naha

  6. Niro* says:

    කළු සුදදො තොපි එක සැරයක් රැවටිලා කතා කර ගන්න බැරිව හිටිය නේද
    මොක්කුද වගේ… ආයෙ සැරයක් .. පොන්න හොර නායකයට අහු වෙලා
    රට ඉතිරි ටිකත් විනාශ කර ගනිවු කාලකන්නි මෝඩ හැත්ත…..

  7. හෙලසිංහ says:

    මූ ආයෙත් බොරුවට රගපානව අහුවෙයවු මෝඩ අවජාතකයො…

Main News