තවත් කල් දෙන්න බෑ.. යුද අපරාධ නඩු අහන්න විදෙස් අධිකරණයක් ඔ්නෑමයි..

March 31, 2019 at 3:50 pm | lanka C news
තවත් කල් දෙන්න බෑ.. යුද අපරාධ නඩු අහන්න විදෙස් අධිකරණයක් ඔ්නෑමයි..

යුද සමයේදී සිදු වූවා යැයි පැවසෙන් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය සිදුව ඇති බවත් ශ්‍රීලංකාවට වසර දෙකක කාලයක් නැවත ලබා දීම අනුමත කල නොහැකි බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා නිවේදනයක් මගින් පවසා ඇත.

එහිදී වැඩි දුරටත් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා සිය නිවේදනය පෙන්වා දී ඇත්තේ,

‘පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කල 40-1 යෝජනාව මගින් තවත් වසර දෙකක කාලයක් ලබා දීම යුද අපරාධ කරුවන්ට පැන යාමට ඉඩ ලබා දීමක් තෙවසරක් ගතව ඇතත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් මුදා හැරීම ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බවටය.

එබැවින් ශ්‍රීලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වරියගේ විශේෂ නියෝජිත වරයෙක් මෙරටට පත්කරන ලෙසටත් එම කාර්යාලය අනිවාරයෙන්ම උතුරු හෝ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටිවිය යුතු බවටය

නව යෝජනාව මගින් මෙරට රජයට අවස්ථාව ලබා දී ඇත්තේ 30 -1 යෝනවේ අඩංගු කරුනු ඉටු කිරීමට බැවින් යුද සමයේදී සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවටත් 2015 වසරේ කොමිෂණ්සභා වාර්ථාව සම්බන්ධයෙන් විමසා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය හිටපු අගවිනිසුරු වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් ජාත්‍යන්තර ස්වාධීන විද්වත් කමිටුවක් පත් කොට ඇති හෙයින් එය පූරාවාදර්ශයක් කොට ගෙන දෙමුහුන් අධිකරණයක් පිහිටවිය යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28 views
Main News