තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් පත් කරන්න ඔ්නෑ.. නැතිව කරන්න අමාරුයි…

September 12, 2022 at 3:50 pm | lanka C news
තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් පත් කරන්න ඔ්නෑ.. නැතිව කරන්න අමාරුයි…

විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.

වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ මහතා පරිණත දේශපාලනඥයකු බව ඔහු තම ක්‍රියාකලාපයෙන් තහවුරුකර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍යධූරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අද (12) මේ බව කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලවයි. රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක්. වාහාන පවා ඉතාම සීමිතයි. මේ අමාරු වෙලාවේ රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න අපි ඔක්කොම සූදානම්.

ඇතැම් අමාත්‍යංශවලට ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. එක ඇමතිවරයකුට මේ සියළුම ආයතන ගැන හොයලා බලන්න බැහැ. ඒ නිසා තවත් කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙක් පත්කරන්න ඕන. එතකොට වැඩ කරන්න පහසුයි. මේ පත්කිරීම් නිසා වියදම් වැඩි වෙනවා කියලා කාටවත් චෝදනා කරන්න බැහැ. එහෙමනම් සියළුම මන්ත්‍රීවරුන් වැටුප් හා දීමනා ලබානොගෙන වැඩ කරන්න ඕන. රාජ්‍ය නිළධාරීන් අපිට වඩා වැටුප් හා දීමනා ගන්නවා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණීයගෙ කාලේ මේ රටේ සෘණ ආර්ථිකයක් තිබුණා. ඇමතිකම් බාර ගැනීම ගැන අපිට චෝදනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාලා ඒ වෙලාවෙත් ඇමතිකම් ගත්තා. මේක මේ විපක්ෂයේ සටන් පාඨයක් විතරයි.

මේ වෙලාවේ රටේ සියළුම දෙනාට ආර්ථික අපහසුකම් තිබෙනවා. අපි අතුරු අයවැය ගෙනාවෙත් ජනතාවට සහන ලබාදෙන්නයි. ඒ වගේම නොවැම්බර් මාසයේදී ලබන වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පවතින ආර්ථික තත්ත්වය කළමණාකරණය කරගනිමින් එමගින්  ජනතාවට තවත් සහන ලබාදෙන්න අපි බලාපොරාත්තු වෙනවා.

මේ රටේ විපක්ෂයට වගේම අරගලකරුවන්ටත් තවමත් රාජපක්ෂ භීතිකාවක් තියෙනවා. සාමාන්‍ය ජනතාවට එහෙම භීතිකාවක් නැහැ. මේ රටේ සාමකාමී අරගලකරුවන්ට අවශ්‍ය වුනේ සිස්ටම් චේන්ජ් එකක්. ඒක අපිත් පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති තනතුරට පත්කළේ ඒ සඳහායි. මම හිතන විදියට නාමල් රාජපක්ෂත් ඇමතිකමක් දරන්න සුදුසුයි. නමුත් ඔහු ඇමතිකම් ගනීද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පළමුවෙනියා නිසා ඇමතිධූරයක් දරන්න ඔහු සුදුසුයි. ඒ වගේම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා නැවත දේශපාලනයට එනවද නැද්ද කියලා ඔහු තීරණය කළ යුතුයි. ඔහු කළ දේවල් හරිද වැරදිද කියලා අනාගතය තීන්දු කරයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස දුර්වල නායකයෙක්. ඔහු අභියෝග භාරගන්න බයයි. එළියට වෙලා කියවන්නේ නැතුව මේ අභියෝගය බාරගෙන අපිත් එක්ක වැඩකරමු කියලා අපි කිව්වා. නමුත් ඔහු බයයි. අනුර කුමාර දිසානයකත් එහෙමයි. මේ දෙන්නම අභියෝග බාරගන්න බයයි” යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

– ප්‍රදීප් අනුර කුමාර

15,060 views

20 Comments to “තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් පත් කරන්න ඔ්නෑ.. නැතිව කරන්න අමාරුයි…”

  1. ග්‍රෝත්‍රිකයෝ says:

    මේ වගේ උන් දිස්ත්‍රික්කවල පළමු ස්ථානයට දින්නෙ ගෙයක් ගෙයක් ගානෙ මුළුතැන්ගෙවල් ගානෙ නිහතමානි ඇමතිතුමා භූමිකාව රගපාලා ගමේ හැම එකෙක්ටම රස්සාවක් දෙනවා කියලා. මුන් ඇවිත් ඉස්කෝලෙම හිටපු ආත්මාර්ථකාමි පාදඩ මැට්ටො බව පුත්තලම් බූරුවා, රත්තරන්, කාබනික නාටක ඇමතිලාගෙ වගේම චීන අසූචි ඇමතිලා දැක්කම ජනතාවට පසක් වෙනවා. ජන මත විචාරණය යලි ඡන්දයක් නොතැබීමට රනිල්ගේ ගුණ්ඩුවක්. රනිල්ට ඕනෙ මේ ගොන්නුන්ගේ සදහට ජනපතිවීමයි. මුන්ට ඕනෙ ඕනෑම පඹයෙක් යටතේ සදහට ඇමතිකමක්. දෙකම සිදුවෙන හැඩයි.

  2. RITIGALA says:

    aniwa….rajya amati la path kala nisa raten bagayak prashna wisaduna…ithuri mati thumalath amati unama ratata sahena kalak yai…ali badawal palennama kapalla….

  3. බොච්චං says:

    පගා ඉල්ලලා හව් වෙලා දඩුවම ලැබිලා, ඒ දඩුවම අත්හිටවල තියෙන්නේ මෙයාගේ. මෙයා ඇමැති කමක් දැරිමට සුදුසු නැ. එය නිති විරෝධියි. එහෙව් ගොනෙක් තමයි මේ තප්පුුලන්නේ

  4. john says:

    yes, appoint more and more ministers. Pay their salaries, fringe benefits with the dollars sent by sri lankan house maids working in middle east. They mop floors, was toilets of arabs, cook and clean, do hard work to support these ministers. Pot bellied, thieving, lying, worthless, unproductive destructive devils.

  5. තුෂා says:

    පඩි, දීමනා නොගෙන වැඩකල හැකි අය සොයා පත්කල යුතුයි…ජනතාහිතවාදී පිරිසක් ගත යුතුයි..අරගලකරුවන් ගත්තොත් ඉතා හොඳයි..අවු 74ක් පඩි දීමනා ගත්ත කාලකන්නි තිරිසන් පාලකයෝ හරියට වැඩක් කලේ නැ..

  6. Lalla says:

    අර දැවැන්ත ඉන්දියාවට ඉන්නේ කැබිනට් ඇමතිලා 20-25ක්. මේ පොඩි ආර්ථිකයකට 20ත් වැඩියි. මෝඩ හැත්ත කොච්චර උන්නත් වැඩ බෑ.කියන එකා වගේම.

  7. Upul says:

    Just get lost without your bullshit talk you “KAPPAN KALAKANNIYA”.

  8. George says:

    Enough politicians has been for 70 years, but country is bankrupt 😂😂.

  9. AjithP says:

    ප්‍රදීප් අනුර කුමාර,
    ඔච්චර දිග හෑලි ලියන්න එපා බං. ඕවා පලවුණාට මිනිස්සු කියවන්නේ නැහැ. උන්ව අතුගාලා දාන්න මිනිස්සු බලාගෙන ඉන්නවා ඇඟිලි ගනිමින්.😜😜😜

Leave a Comment

Main News