තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මියයයි.. නිවසේදී මරණ 03යි.. මගදී 01යි.. රෝහලේදී 01යි..

November 13, 2020 at 7:34 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මියයයි.. නිවසේදී මරණ 03යි.. මගදී 01යි.. රෝහලේදී 01යි..

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 05 දෙනෙකු මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට මිය ගිය කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 53 දක්වා ඉහල යයි.

අද වාර්තා වන මිය ගිය අයගේ තොරතුරු මෙසේය.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 කාන්තාවන් නිවසේ දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය දියවැඩියාව සමඟ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට හේතුව ලෙස දක්වා තිබේ.

හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ දී මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොලයේ රුධිර වහනයක් සිදු වීමයි.

රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කරන විට මියගොස් තිබේ. අධික රුධිර පීඩනය, දියවැඩියාව සමග කොරෝනා ආසාදනය හේතුවෙන් මෙම පුද්ගලයාට හෘදයාබාධයක් ඇතිවීම මරණයට හේතුව ලෙස දැක්වෙයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමඟ හෘදයාබාදයක් ඇති වීම මරණයට හේතුව ලෙස සඳහන් වෙයි.

කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස සඳහන් වන්නේ ඇදුම රෝගය සහිතව සිටිය දී කොරෝනා ආසාදනය වීමයි.

49,312 views

12 Comments to “තවත් කොරෝනා ආසාදිතයන් 05ක් මියයයි.. නිවසේදී මරණ 03යි.. මගදී 01යි.. රෝහලේදී 01යි..”

  1. ක්‍රිමිනල් says:

    යථාර්ථය තෙරුම් ගන්න ඔනේ ; බොරු කෛයිවාරූ ,පම්පෝරී නවත්තලා කොවිඩ්19 න් රට බේර ගන්න ප්‍රායොගික ක්‍රියාවලියක් දැන්වත් හදන්න ! පැය විසිහතරෙම පාණ්ඩුවේ හොරණෑ වලට එහෙයියො ගෙනල්ලා ,ගජමිතුරන්ට කොවිඩ් අස්සේ සුද්දේ දාන්න දීලා , පුරවැසියන්ට ගරහලා වැඩක් නෑ. එක පැත්තකින් කොවිඩ් අනිත් පැත්තෙන් බඩගින්දර ,කොළඹ ප්‍රජාව අතිශය අවදානම් අඩියක.දවසට පහ හය මරණ ,දහය පහලොව ,විස්ස තිහ තත්වෙට පත්වෙන්න ඉස්සෙල්ලා අවම වශයෙන් අවධානම් පලාත් වල පී.සී.ආර් පරීක්ශණ වැඩි කරන්න !

    • G.O.N Criminal says:

      මෝඩ මනුස්සයෝ , පරීක්‍ෂන වැඩි කළා කියා නිධන් ගත රෝග ඇති අය මැරෙන එක නවත්තන බෑ. දිනකට 400 ගානක් වයසක අය මැරෙනවා කොරෝනා තිබුනත් නැතත් ඔය රෝගයක් තමයි හේතු ව ලෙස එන්නේ.

      • ක්‍රිමිනල් says:

        ගොං බෛයො ! උබලා දන්න තරම තමයි ; රොගීන් හදුනාගෙන වෛරසය පැතිරීම අවම කරගන්න පුලුවන් ,එයින් යම්තාක් දුරකට මහළු හා නිදන්ගත රෝගීන් ගේ මරණය ඉක්මන් වීම වලක්වගන්න පුලුවන් ,තොපේ හොරණැ වල කියන ,”මැරෙනවනං කොහොම හරි ,කවද හරි මැරෙනවා ” කියන ඉටිකිරිස් තියරි ඇදලා දාන්නෙපා.

      • Wijebahu says:

        Idiot. Half of Sri Lanka has some kind of a ailment. If not COVID they would have longer may be even full life. So don’t underestimate deaths defending your stupid Sir. Unlike other countries Sl people die even before having hospital care. Most of the people die in intensive care facilities in developed countries . Where is all pampories saying we are 2nd in the world?

  2. Local Traditional Medicine system to be implemented urgently with Westurn Medicine system. Decisions to be taken and need to save Sri Lankans.
    Testing is not the treatment and this is only for identifications only.

  3. The local traditional medicine system to be implemented urgently with western medicine system. Testing only is not the treatment.

  4. නොකල හැක හැක නොමැත මල්ලි says:

    බල්ලාගේ වැඩේ බුරුවාට කරන්න බාර දිපුවම මීට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න අමාරුයි. ඒක ඉතින් අහන්න ඕන හාම්පුතා ගෙන් තමා. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්.

  5. damian says:

    දිනකට 400 ගානක් වයසක අය මැරෙනවා කොරෝනා තිබුනත් නැතත් ඔය රෝගයක් තමයි හේතු ව ලෙස එන්නේ. ඒක දන්නෙ නැති පැකනිල් කුක්කෝ පිසු දොඩවනව​.

    • Nimal says:

      දන්නේ නැතුව නෙමේ, මුන්ට දවසේ කුලිය හොයා ගන්ට මොනවා හරි කොටන්ට ඕනේ, ඔය බත් බැලයෝ කියන දේවල් ගණන් ගන්නේ කව්ද, මුගේ හම්පුතලා voice cutඑක දෙනවා, බත් බැලයෝ ටික උඩ දාගෙන කොමෙන්ටු දානවා,

  6. කමල් says:

    කොරෝනාවට ඇති අනිසි බිය දුරු කර මරණ වලකමු. බියවීම නිදන්ගත රෝග උත්සන්න කරවයි.

  7. Sadiris says:

    කණගාටුදායක පුවතක් ! නැති තැනක් නෑ වගේ බලාගෙන යනකොට !!!

Main News