තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

November 4, 2020 at 8:54 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් කාන්තාවක් මරණයට පත් වී තිබේ.

මෙම කාන්තාව කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වන කාන්තාවක් යයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ තම නිවසේ දී ඇය මිය ගොස් තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත යයි හෙළි වී ඇත.

එම කාන්තාව මාසකට අධික කාලයක් තම නිවසේ රෝගී තත්ත්වයෙන් පසුවූ බවද නිදන්ගත රෝගී තත්වයන් තිබූ බවත් හෙළිවී ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි.

මිය යාමට ආසන්න හේතුව ලෙස සඳහන් ව ඇත්තේ කොරෝනා ආසාදනය මත ඇති වූ හෘදයාබාධ තත්ත්වයකි.

මෙය ශ්‍රී ලංකාවෙන් සිදු වූ 24 වන කොරෝනා මරණයයි.

20,736 views

One Comment to “තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි..”

  1. Don sarath says:

    දුම් බීම ඔබට කොරොනා මරණ දඬුවම සහතික කරයි. අන්තිම කැමති පත්‍රය සකස් කිරීම කළ යුතුය

Main News