තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. දවස් 03ට මරණ 03යි..

October 25, 2020 at 11:12 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. දවස් 03ට මරණ 03යි..

කොළඹ ජාතික රෝහලේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඔහු එම ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් ඇති අතර පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇති ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි කරැවකු වන ඔහු වයස අවුරුදු 70ක පුද්ගලයෙකි.

රුධිරයට විෂබීජයක් ඇතුළු වීම නිසා ඇතිවූ සංකූලතාවයන් මත ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන ලද බවත් මියගොස් ඇත්තේ එම සංකූලතා හේතුවෙන් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙය මෙරටින් වාර්තාවන 16 වන කොරෝනා මරණය ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව 23, 24, 25 යන ගත වූ දින තුනේදීම කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී ඇත.

58,674 views

13 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි.. දවස් 03ට මරණ 03යි..”

  1. Aurora says:

    බටහිර වෙදකමේ කොරෝනවලට නියමිත වෙදකමක් නැති එකේ මොන මගුලකටද මිනිස්සු උස්සන් ගිහිල්ල ඉස්පිරිතාලවල ගාල් කරන්නේ? දේශීය වෙදකමෙන් සහ අයුර්වේදෙන් ප්‍රතිකාර ගන්න සලස්වන එකයි කරන්න ඕන. දේශීය වෙදකමට අවශ්‍ය නීතිමය පහසුකම සලස්වලා දුන්නනම් ඒ හොඳටම ඇති. බටහිර වෙදකම කියන වංචාවෙන් සහ බොරුවෙන් මේ වෙලාවේ හෝ ගැලවෙන්න ලැබුනොත් ඇති.

  2. sithum says:

    පහසුකම් නැහැ රෝහල් වල, බේරෙන්න නම් IDH විතරයි. එහෙම නැත්නම් සිංහල වෙදකම්. බොරු වැඩක් ඔය අනිත් රෝහල් වලට යන එක.

Main News