තවත් කොරෝනා ආසාදිතයෙන් මිය යයි.. කොරෝනා මරණ 17යි..

October 27, 2020 at 1:27 pm | lanka C news
තවත් කොරෝනා ආසාදිතයෙන් මිය යයි.. කොරෝනා මරණ 17යි..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයෙක් මරණයට පත් වී තිබේ.

කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි හතළිස් එක් හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මරණයට පත්ව ඇත.

ජාඇල ප්‍රදේශීය පදිංචිකරුවෙක් වන ඔහු අක්මාව ආශ්‍රිත රෝගී තත්වයකින් පෙලෙමින් සිටි අයෙකු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කියා සිටියේය.

මේ සමගින් මෙරට මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහල යයි.

63,366 views

16 Comments to “තවත් කොරෝනා ආසාදිතයෙන් මිය යයි.. කොරෝනා මරණ 17යි..”

  1. කාන්තාර පළඟැටියා says:

    කොරෝනා අපට ඉගැන්වුවා , මිනිය දවස් ගණන් ගෙදර පල් කරගෙන තියාගෙන ඉඳලා වැඩක් නැතිබව. හය දවසෙන් බණ කියලා හත්දවසෙන් දානෙ නොදුන්නට කිසිම අතුරු ආන්තරාවක් නොවෙන බව. ඒ වගේ ” හිතෙන් හදාගත්තු මනස්ගාත බොහොමයක හෙළුව ” කොරෝනා නිසා මිනිස්සු අවබෝධ කරගත්තා.. මේ ක්‍රමය දිගටම හොඳා… කාලය , ශ්‍රමය , මුදල් ඉතිරියි

    • Amare says:

      මරණය කියන්නෙ ජන ගහණය පාලනය වෙන්න තියෙන සාමාන්ය ක්‍රමයක්. යතාර්ථය ඒක තමා.. ඊට පස්සෙ සිරුර ඉන්ධන බවට පත්වෙන්න ඕනි.. ඒකට මුහුණ දෙන්න බැරුව හත්දවස් දාන දිදී ආතල් කෝටියක් ගන්නවනෙ ඉතින්..

    • ranga says:

      ඒක නම් ඇත්ත පල්ලි වල සංදර්ශණත් පලකට නැති වැඩක්.බොරු ෂෝ විතරයි.

    • ගමරාළ says:

      ඇත්ත. ඒත් තව ඉගෙන ගන්න බොහෝ දේවල් ඇත. ලෞඩ් ස්පීකර් පිරිත් සහ සෝබන බන දෙසීමද (කිසිම් දහම් ගුනයක් ඇතුලත දරා නැති අමු දුශ්සීල පිරිස් විසින් කරන වැඩ) සත පහක වැඩක් නැති බව වගේ දේවල්.. බටහිර වෙදකමෙහි ඇති අන්ත අසරන බව සහ ස්වාබාවික වෙදකමෙහි වටිනාකම.වගේ තව බොහෝදේ

    • ඩී says:

      එකගයි. බණ කියා දානේ දුන්නත් ඔය බහුතරයක් ඉපදෙන්නේ පෙරේත ආත්ම වල. දුශ්ට කුහක තන්හාවෙන් මිය යන්නේ.

    • kamal says:

      10,000% agree

    • Alex Sene says:

      ඔබ බොහොම දාර්ශනිකයි. මම කැමති ඔය දේ ඔබට වෙනවා නම්. එතකොට ඔය දාර්ශනික අදහස් වලට වෙන දේ බලාගන්න පුලුවන්.

    • බයියන්නට සුදර්ශන පැණිය පොවන කෙනා says:

      ඇයි බයියන්නට සුදර්ශන පැණිය දිව්‍ය අවුසදයක් කියලා හොයාගත්තෙත් කොරොනා නිසා. ඒක ගත්තම රාජපක්ෂ ගාය දවස් දෙකෙන් අඩු වෙනවා.

    • උක්කුං මල්ලී says:

      දැන් ඇමරිකන් කාරයක් අපේ රටේ නායකයා නිසා අපිත් ඒ අනුව යමු. පැරණි සිරිත් විරිත් අමතක කරමු.

    • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

      උඔගෙ පවුලේ එකෙක් කොරොනා වලින් මැරෙන කල් කොරොනා හොදයි කියපන්. ඊට පස්සේ කොරොනා එක්ක සෙල්ලම් කරපු රාජපක්ෂලාට යැදපන්. ගෙරි සාඩින් වහල් බයියා.

  2. Saman kumara says:

    වැඩ කරන අපේ විරුවා….මව්බිමට හෙමින් කෙලියා…

  3. Himal Sunanda says:

    Palagetiyanta mona malagewalda !?

  4. ක්‍රිමිනල් says:

    ශාතිශය සංවේගය !

  5. Power says:

    රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය නිතරම මේ දේ කිව්වා. දැන්වත් ආණ්ඩුව තමන්ගේ හිතු මනාපෙට වැඩ කරන්නෙ නැතිව ඒ මිනිස්සු කියන දේ ගැනත් සැළකිලිමත් විය යුතුයි. මට පේන විදිහට ජනාධිපතිතුමා හැමදේම දිහා බලන්නෙ යුධ මානසිකත්වයෙන්. හැබැයි මේකට ඒ ක්‍රමය හරියන එකක් නැහැ. ඒ නිසා රටම වසා දැමීමට නොහැකි නම්, මේ අවස්ථාවේදී හෝ අන්තර් දිස්ත්‍රික් හෝ පළාත් සංචරන සීමාවන් පැණවීම අත්‍යාවශ්‍යය කරුණක්.

  6. කූජිත අවරෝහණ says:

    ඔහුට අපි නිවන් සුව පතමු .
    මෙවන් අකල් මරණයක් නැවත නොවන්නට ප්‍රර්ථනා කරමු..

Main News