තවත් කොරෝනා පැණියක් සොයාගනී.. ලොව පුරා රටවල්ට අරන් ගිහින්.. අනුමත සහතිකයත් ලැබිලා.. පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි..

January 22, 2021 at 10:25 pm | lanka C news
තවත් කොරෝනා පැණියක් සොයාගනී.. ලොව පුරා රටවල්ට අරන් ගිහින්.. අනුමත සහතිකයත් ලැබිලා.. පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි..

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැුගෙන ගොස් ඇති බවත ඔහු කියා සිටී.

වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03කින් පුර්ණ සුවය ලබන බවත් ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඒ මහතා පවසයි.

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

76,352 views

33 Comments to “තවත් කොරෝනා පැණියක් සොයාගනී.. ලොව පුරා රටවල්ට අරන් ගිහින්.. අනුමත සහතිකයත් ලැබිලා.. පැය 72කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි..”

  1. Lucky wijemannage says:

    මුන් ඔක්කෝම පැණියේ දාලා අබරලා ගුලියක් හදන්න ඔිනේ

  2. Janaka from Matara says:

    ලංකාව යනු පැණි පොළකි.

Main News