තවත් කොරෝනා පොකුරක්.. එක ෆැක්ටරියක 49කට කෙරෝනා..

November 1, 2020 at 12:02 am | lanka C news
තවත් කොරෝනා පොකුරක්.. එක ෆැක්ටරියක 49කට කෙරෝනා..

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුළ දෙදින තුල සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 75 දෙනෙකු හදුනාගෙන ඇත.

එම ආසාදිතයන්ගෙන් බහුතරයක් වත්තල කෙලවරපිටිය කර්මාන්තශාලාවක සේවකයින් පිරිසකි.

එම කර්මාන්තශාලාවේ සේවකයින් දහසක් පමණ සේවයේ නිරත වන අතර කර්මාන්ත ශාලාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ.

වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මහතා පවසන්නේ එම කර්මාන්ත ශාලාවේ එකසිය විසි දෙනකු පරික්ෂා කිරීමෙන් පසු 49 දෙනකු ආසාදිතයන් යයි හෙළි වූ බවයි.

ආසාදිතයන් රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිස පරීක්‍ෂාවලට යොමු කිරීමට නියමිතය.

25,347 views

6 Comments to “තවත් කොරෝනා පොකුරක්.. එක ෆැක්ටරියක 49කට කෙරෝනා..”

  1. Alapaluwa says:

    ජෙප්පො විස්වාශ නැහැ. ඕකුන් මේ ලෙඩේ පතුරනව වෙන්න බැරි නැහැ. ලපය බොරු පිබිනව වගේ රට අමාරුවෙ දාන්නත් දක්ෂයි.

    • එක්නැලිගොඩ says:

      උම් බේ අම්මට කියපන් රෑට රෑට එක එකා ගේ අස්සේ දාගෙන කරන බිස්නස් එක නවත්වන්න කියලා. සීයකට විතර කොරෝනා බෙදලා ඇති මෙලහකට.

  2. 🤣🤣🤣😄😄😄 says:

    නීතිය කඩලා පාරේ නැටපු එවුන්ට මල් වඩම් අනවශ්‍යයි..!

  3. nimalsiri says:

    kerawalapitiyata gihin weda koranne nethuwa karawala welanna giyoth ohoma venawaamai.

  4. ශිරාන් says:

    @බයියෝ.

    බිලියන 130ක කොවිඩ් අරමුදලට මොකෝ උනේ

  5. බන්දුල සී says:

    රජයේ මෙන්ම පෞද්ගලික ආයතන නිරෝධානය නීති රකින බව පෙන්වනවා. හැබැයි සේවකයින් කැඳවීම විද්‍යාත්මක ක්‍රමයකට නැහැ. ඇපෙන් බේරෙන්න වාගේ තමයි වැඩ. සේවකයන් මුහු නොවන විදිහට සේවා මුර ඇතිකල හැකි ස්ථාන වලත් දිනක් හැර දිනක් ගෙන්වීමේදී එකම කණ්ඩායමක් නොව විවිධ කණ්ඩායම් හමුවෙනවා. අඩුම ගානේ එකම කණ්ඩායමක් පමණක් එකට හමුවන ලෙස සේවා මුර සෑදිය නොහැකිද? ලොක්කන්ට මේවා උගන්වමුද? නැත්නම් ලොක්කන්ට නඩු පැවැරිය යුතුයි නේද?

Main News