තවත් කොරෝනා පොකුරක්.. නුවරඑලිය පොලිසිය වසා දමයි..

May 9, 2021 at 4:40 pm | lanka C news
තවත් කොරෝනා පොකුරක්.. නුවරඑලිය පොලිසිය වසා දමයි..

නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ තවත් නිලධාරින් පස් දෙනෙකුට සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

නුවරඑලිය පොලිසියේ කාන්තා උප පොලිස් පරික්ෂකවරියෙකුට සහ පොලිස් රථ වාහන අංශයේ සිව් දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි තිබු අතර , එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හය දෙනා හමු වි ඇත.

නව අසාදිතයන් හය දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කල බවත්, නව අසාදිතයන් හය දෙනාගේ ළගම ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි නුවරඑලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

පවත්නා තත්ත්වය මත නුවරඑලිය පොලිසියේ රථ වාහන අංශයේ රාජකාරි සදහා නුවරඑලිය පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලින් පොලිස් නිලධාරින් නුවරඑලිය පොලිසියට තාවකාලිකව අනුයුක්ත කර රථ වාහන අංශයේ රාජකාරි සිදු කරන බවයි නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

22,617 views

5 Comments to “තවත් කොරෝනා පොකුරක්.. නුවරඑලිය පොලිසිය වසා දමයි..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    වසන්ත සැණකෙලියේ සුව විදින්න එන්න කියල පැයෙන් පැයට ටී වී රේඩියෝ වල ගහල රජ පවුල කිට මරල කරල ගිහින් සැප ගද්දි මෝඩ බයියො මාස්ක් මීටර් මුකුත් නැතුව තෙරපි තෙරපි අරුන්දැලාගේ සිරි නැරඹුව මතකයිද ? මේ ඒවයි ප්‍රතිපල.

  2. සනත් ඉතාලිය says:

    පව් අහින්සක නිලදාරි. ගාල කඩාගත්තු හරක් පාලනය කරන්න ගිහින් මෙ අහින්සකයො අමාරුවේ වැටෙනව. නොහික්මුන අසමජාති මිනිස්සු නිසා දුක් විදින අසරනයො

  3. සනත් ඉතාලිය says:

    පව් අහින්සක නිලදාරි. ගාල කඩාගත්තු හරක් පාලනය කරන්න ගිහින් මෙ අහින්සකයො අමාරුවේ වැටෙනව. නොහික්මුන අසමජාති මිනිස්සු නිසා දුක් විදින අසරනයො. ඔබලාට තෙරුවන් සරනයි.

  4. තක්කඩි දේශපාලුවෝ ටික රටම් විනාශ කරා says:

    මේ තක්කඩි දේශපාලුවෝ ටික රටම් විනාශ කරා. මහ මුහුදින් වටවුණු රට COVID වලින් ලෙහෙසියෙන් බේරා ගන්න තිබුන රට. අදූරදර්ශී පාලනයක ප්‍රතිපල. හොයලා බලපල්ලා Thaiwan, වගේ රටවල් මේ විවසනයට සාර්ථකව මුණ දෙන්නේ කොහොමද කියලා. එහෙ නැතුව ඇති ලන්සලා/ලොකුගේලා/අප්ප්‍රසන්නලා/ ඇතුලු මරී මෝඩ තීරණ ගන්න උදවිය සහ ඒවා අනුමත කරන උසස් යයි කියාගන්නා නිලදරයන්. අහෝ මගේ රට.

  5. sunimal says:

    නුවරඑළියේ සුද්දන්ගේ අස්ප රේස් බලන්න ගිහිල්ලා කරගත්ත මෝඩකම.

Main News