තවත් කොරෝනා මරණයක්.. ඔහු 23 හැවිරිදි තරුණයෙක්..

November 6, 2020 at 11:38 pm | lanka C news
තවත් කොරෝනා මරණයක්.. ඔහු 23 හැවිරිදි තරුණයෙක්..

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන 30 වන කොරෝනා ආසාදිත මරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කරයි.

මෙසේ මියගොස් ඇත්තේ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 23 හැවිරිදි පිරිමි අයෙකි.

මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතාවන් සමග කොරෝනා වයිරසය ආසාදනය වීමයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මෙම තොරතුරු නිවේදනය කර ඇත.

79,455 views

10 Comments to “තවත් කොරෝනා මරණයක්.. ඔහු 23 හැවිරිදි තරුණයෙක්..”

  1. Bijja says:

    Awurudu 23 kollekta diabetes complications hinda marenna wenawanam, ape wayasaka parentsla gana kawda balanne……..Rata arinna kalin Janadhipathi sirge as areewaaaa !

    • එලිෆන්ට් ස ස බ්‍රා says:

      රට ඇරියේ නැත්තන් ලෝක බැංකුව රටේ මහා විරුවට අරිනවා කියලා තග දාලා තියෙන්නේ. යන තැනකට වැඩක් කරගනින්.

    • Dubba says:

      අප්පට සිරි! ලෝක බැංකුවත් ගැවිලාලු !
      ඔය කියන්නේ.

  2. Niroshan says:

    සහගහන අපරාධයක් වයස 23 තරුණයාටත් දියවැඩියාවලු…පුදුම දේශපාලනයක්..දේඹපාලනයට බයේ ජීවත් වන වෛද්‍යවරුන් පිරිසක්..අපේ රටට අබ සරනයි…

    • Razor says:

      දියවැඩියාවේ හැටි නොදන්නා තරම පෙනෙනවා. මෙම රෝගය යමෙකු වැඩිහිටියෙකු බවට පත්වෙනතුරු බලා සිටින්නේ නෑ. ඉතා කුඩා දරුවන්ට පවා වැළඳෙන බව නොදන්නේනම් කණගාටුවට කරුණකි. කෙසේ වුවත් රෝගය වැළඳුන බව නොදන්නා අය බොහෝයි. ඔවුන් ආහාර පාලනයකින් තොරව දෛනික ව්‍යායාමයෙන් තොරව කල් ගෙවන්නේනම් ලොවේ ඇති ඉතාමත්ම රුදුරු බෝ නොවන රෝගයයි. හෘද, වකුගඩු, ඇස්වල දෘෂ්ඨිවිතානය, ලිංගික බෙල-හීනතාවය, ඇතුළු සුව නොවන බොහෝ රෝග ඉන් හටගනී. කොරෝනා වෛරසයෙන් මෙම රෝග උත්සන්න කොට යළි පිළියම් නොකළහැකි තත්වයට රැගෙන යනවා.

    • ranga says:

      ඒකනම් ඇත්ත. මිනිස්සු මී හරක් කියල එයාල හිතං ඉන්නව ඇති.

  3. ත්‍රීවීල් says:

    මේ රටේ වැඩිහිටි ජනගහනයෙන් අඩු තරමින් 30% කට දියවැඩියාව, කොලෙස්ටරෝල් හෝ අධික රැධිර පීඩනය තියෙනවා. ඔවුන්ට ඉතිං දෙයියංගෙ පිහිටයි.
    ඒත් කමක් නෑ ඉතිං 2/3 අරං 20 සම්මත කලානෙ .

    • Boo says:

      ඒ අයට ඔය කිසි ලෙඩක් තිබුනෙ නෑ යහපාලනය කාලෙ 😂😂😂

      20 න් පස්සෙ එක පාරටම හැදුනු ලෙඩ තමා.

  4. Aurora says:

    රට විවෘත කලාම කොරොනා රෝගින් හට තමන් කැමති විදියට බටහිර හෝ දේශීය ප්‍රතිකාර යන දෙකින් එකක් තෝරාගන්න පුලුවන්. නැතිනම් කොරොනා වලට ප්‍රතිකාර නැති බටහිර වෙදකමේ ත්‍රස්තවාදයට යටත් වෙලා ඔවුන් කියන දෙයක් විතරයි කරන්න සිද්දවෙන්නෙ. ජනාධිපති තුමාට බොහෝම ස්තුතියි.

  5. මංගල says:

    තව කාපල්ලා යීස්ට් දාපු පාන්, තිරිගු පිටි වලින් හදපු කැම පුලුවන් තරම්. බඩවල් ඉස්සරහට ඇවිල්ලා ශරීරකුඩුව විපරීතවෙලා දියවැඩියාව නෙවේ මුලු රටම රෝගියො වෙලා තියෙන්නේ. මේ රටට සෙතක් වෙන්න නම් ප්‍රීමා සමාගම වහලා දාන්න ඕන.

Main News