තවත් කොරෝනා මරණයක්.. නිවසේ සිටියදී මිය ගිහින්..

November 11, 2020 at 8:29 pm | lanka C news

මෙරට 45 වන කොරෝනා අසාදිත මරණය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් තම නිවසේ දී මෙසේ මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇයට තිබූ අධි රුධිර පීඩනය තත්ත්වය උත්සන්න වීමෙන් ඇති වූ හෘදයාබාධයකින් මෙම මරණය සිදු වූ බවයි.

මෙම මරණය අද දිනයේ සිදු වූ 04 වන කොරෝනා මරණයයි.

17,486 views

One Comment to “තවත් කොරෝනා මරණයක්.. නිවසේ සිටියදී මිය ගිහින්..”

  1. Kevin says:

    ආර්ථිකය ද ජීවිතය ද? බලධාරීන් කඩිනමින් තීරණය කළ යුතුයි.

Main News