තවත් කොරෝනා මරණ 02ක්… මරණ දෙකම රෝහලේදී නොවේ..
November 28, 2020 at 10:49 pm | lanka C news
තවත් කොරෝනා අසාදිතයන් දෙදෙනකු මරණයට පත් වී තිබේ.
ඔවුන් ද සමඟ මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 109 දක්වා ඉහළ යයි.
කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබේ. මරණයට හේතුව අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය සමග ඇතිවූ නිදන්ගත වකුගඩු රෝගය උග්‍ර වීමයි.
කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ඇදුම රෝගය සමඟ ඇතිවූ කොරෝනා නිවුමෝනියාවයි.
හෙළ ඔසු ලබා දුන්නානම් මේ අයගේ ජිවිත බේරා ගන්න තිබුනා දැන්වත් සිතන්න තවමත් ප්‍රමාද නැහැ සුද්දා අපේ රටට එන්න කලින් අපි සැම රෝගයකටම මුහුණ දුන්නා එය ඉතිහාසයේ ඔප්පු කර ඇත දැන්වත් කලු සුද්දෝ නොවී හෙළයන් වන්න. .