තවත් කොරෝනා මරණ 03ක්.. දෙකක් නිවසේදී..

November 18, 2020 at 9:32 pm | lanka C news
තවත් කොරෝනා මරණ 03ක්.. දෙකක් නිවසේදී..

තවත් කොරෝනා මරණ 03ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් එම මරණ වල විස්තර තහවුරු කර ඇත්තේ මෙසේය.

කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පුද්ගලයෙකු නිවසේ දී මියගොස් තිබේ. ඔහුගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ දියවැඩියා රෝගයේ සංකූලතා ය.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 74 කාන්තාවක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. මරණයට හේතුව අධික රුධිර පීඩනය දියවැඩියාව සමග කොරෝනා ආසාදනය නිසා සිදුවූ පෙනහලු දුර්වල වීමයි.

කොළඹ 13 ප්‍රදේශීය පදිංචි 48 හැවිරිදි අයෙකු නිවසේ දී මිය ගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා කොරෝනා ආසාදනය සමඟ උත්සන්න වීම මරණයට හේතුවයි.

18,063 views
Main News