තවත් කොරෝනා මරණ 05ක්.. 03 දෙනෙක් නිවසේදී…

November 17, 2020 at 10:58 pm | lanka C news
තවත් කොරෝනා මරණ 05ක්.. 03 දෙනෙක් නිවසේදී…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු මිය ගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

එම පිරිස සමඟ මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 66 දක්වා ඉහළ යයි.

අද දිනයේ මිය ගිය රෝගීන්ගේ විස්තර වාර්තාව මෙසේය.

කොළඹ 10 පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වැලිකන්ද මූලික රෝහල දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

69 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේදී ගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සමඟ කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.

71 හැවිරදි කිරුළපන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. අධික රුධිර පීඩනය දියවැඩියාව සමග කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.

කොළඹ 02 පදිංචි 81 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් ඇත. කොරෝනා ආසාදනය සමග නිව්මෝනියා තත්ත්වය ඇතිවීම මරණයට හේතුවයි.

82 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී මිය ගොස් ඇත. දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොරෝනා ආසාදනය මරණයට හේතුවයි.

28,338 views

3 Comments to “තවත් කොරෝනා මරණ 05ක්.. 03 දෙනෙක් නිවසේදී…”

  1. Mr එච් යු කන්නා says:

    සියළු දෙනාටම නිර්වාණ සුවය පතමු.!
    මෙවන් අකල් මරණයක් මතු භවයක්දි නොවේවා.
    Highly recommended to do random PCR tests without further delay. Colombo is ahead of a big crisis. Gon Bayyas don’t understand this

    • Dilan says:

      කොහොමද බෞද්ධ විදිහට සියලු ලෝක සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුව පතන හැටි!

  2. Jagath says:

    හැමදාම 5ක්‌. මාර ගණන් හැදිල්ලක්

Main News