තවත් කොරෝනා මරණ 46ක්… 13ක් නිවසේදී…

June 7, 2021 at 8:40 am | lanka C news
තවත් කොරෝනා මරණ 46ක්… 13ක් නිවසේදී…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 46 දෙනෙකු ගේ මරණ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරයි.

ඒ අනුව මෙරට සිදු වී ඇති මරණ ප්‍රමාණය 1742ක් දක්වා ඉහළ යයි.

ඊයේ දින වාර්තා කර ඇති මෙම මරණවලින් 13ක් නිවසේදී මිය ගිය අය බවද නිවේදනයේ දැක්වෙයි.

13,082 views

6 Comments to “තවත් කොරෝනා මරණ 46ක්… 13ක් නිවසේදී…”

  1. click_here says:

    එන්නත් කරනයෙන්ම සංචරණ සීමා අයින් කරන්න බලාගෙන ඉදපු UK වල මෙච්චර එන්නත් කරල තියෙද්දිත් දැන් නව ඉන්දියාවෙන් හමු උන ප්‍රභේදය සමග කොවිඩ් රෝගීන් වාර්තා වීම 70% කින් වැඩි වෙලා සංචරණ සීමා ඉවත් කරන එකත් කල් දාන්න හදනව. ලංකාවේ දේශීය දේ ගැනත් හොයල බලන්න.

  2. click_here says:

    එන්නත් කරනයෙන්ම සංචරණ සීමා අයින් කරන්න බලාගෙන ඉදපු UK වල මෙච්චර එන්නත් කරල තියෙද්දිත් දැන් නව ඉන්දියාවෙන් හමු උන ප්‍රභේදය සමග කොවිඩ් රෝගීන් වාර්තා වීම 70% කින් වැඩි වෙලා සංචරණ සීමා ඉවත් කරන එකත් කල් දාන්න හදනව. ලංකාවේ දේශීය දේ ගැනත් හොයල බලන්න…

    • කුඹුක්කණ් says:

      එන්නත්කරණය යනු නව ප්‍රභේද නිර්මාණය කිරීමමයි. මම නෙවෙයි කියන්නෙ වැක්සීන් හදන එකේ මුල්පුටුවල ඉන්න විද්‍යඥයෙක් හොයලා බලන්න

  3. Amith says:

    ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ රටවලින් 90% කට වඩා කොරෝනා පැතිරිලා තිබෙනවා. දවසකට දස දහස් ගණන් මැරෙනවා සමහර වර වල. දවසකට පක්ෂ ගණන් පොසිටිවෙ වෙනවා. නමුත් අපේ රටේ 1% කට වත් තාම කොරෝනා හැදිලා නැහැ

    ලෝකෙ පුරා කොරෝනා පැතිරෙද්දී අපේ රටේ වසරකට වඩා කාලයක් කොරෝනා පාලනය වෙලා තිබෙද්දී විපක්ෂෙ උන් කුහක කමට කිවේ උෂ්නත්වෙ නිසා තමයි අපේ රටේ කොරෝනා පැතිරෙන්නෙ නැත්තෙ කියලා. දැන් උෂ්නත්වෙ වෙනස් වෙලාද?

    ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන අර තරම් 90 වතාවකට වඩා පෙර දැනුම් දීම් කර තිබෙද්දිත් ඇහට පේන සහරාන්ල පාලනේ කර ගන්න බැරි වුනු යහපාලනේ උන් ඇහැට වත් නොපෙනෙන කොරෝනා කොහොම පාලනේ කරන්නද? විපක්ෂෙ ඉන්න කුහක නායකයො චීන එන්නත දීමෙ වැඩපිලිවෙල මේ වසර මුලදී කඩාකප්පල් නොකලා නම් මේ වෙද්දිත් අපේ රටේ කොරොනා පාලනය වෙලා

    • SKF says:

      ලංකාවෙ 1%කටවත් ආසාධනය නොවීමේ රහස PCR අවම ප්‍රමාණයක් කිරීම බව බයියන්ගෙ පුංචි මොල වලටත් තේරෙන දවසක් එයි

  4. කුඹුක්කණ් says:

    ලෙඩක් හැදුනාම වෛද්‍යවරයෙක්ගෙන් අප බලාපොරොත්තු වන දේ.
    ලෙඩේට ප්‍රතිකාර කිරීම

    කොරෝනා වලදි බටහිර ඇලොපති වෛද්යවරුන් කරන දේ..

    භය කිරීම
    රට වැසීම
    වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට ඉඩ නොදී කොරෝනා රෝගය ආරක්ෂා කර පවත්වාගෙන යාම.
    වැක්සීන් ප්‍රවර්ධනය සහ එහි සංකූලතා සහ මරණ යට ගැසීම හා සාධාරණිකරණය කිරීම.

Main News