තවත් කොරෝනා 03ක් මිය යයි.. 02ක් රෝහලේදී නොවේ..

November 16, 2020 at 9:46 pm | lanka C news
තවත් කොරෝනා 03ක් මිය යයි.. 02ක් රෝහලේදී නොවේ..

තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු මෙරටින් වාර්තාවී තිබේ.

ඔවුන් ද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය අනුව එම මියගිය ආසාදිතයන්ගේ තොරතුරු මෙසේය.

මොරටුව ප්‍රදේශීය 84 හැවිරිදි කාන්තාවක් නිවසේ දී මිය ගොස් ඇත. දියවැඩියා රෝගය සමඟ කොරෝනා ආසාදනය වීම මරණයට හේතුවයි.

මරදාන ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙක් වීමෙන් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී මිය ගොස් ඇත. නිදන්ගත වකුගඩු රෝගය සහ ආඝාත තත්වය සමග කොරෝනා ආසාදනය වීම මරණයට ආසන්න ම හේතුව ලෙස සඳහන් ය.

වයස අවුරුදු 75ක් වූ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට තුළත් කරන අවස්ථාවේදීම මියගොස් සිට ඇත. මරණයට හේතුව දියවැඩියාව සහ හෘද රෝග තත්ත්වය සමග කොරෝනා ආසාදනය උත්සන්න වීමයි.

26,017 views

2 Comments to “තවත් කොරෝනා 03ක් මිය යයි.. 02ක් රෝහලේදී නොවේ..”

  1. sri says:

    maranaya dukak, eth 75y 85y aya merunata passe covid infected kiyala dena gattata ewa covid deth da??.

    • Dubba says:

      ඔතන වෙලා තියෙන්නේ අපේ දොස්තරලා බෙහෙත් ගන්න ගියහම ලෙඩ කීපයකට බෙහෙත් ජාති දහයක් විතර දෙනවා වගේ වැඩක්

      එයාලට ලෙඩා මැරුණේ මොන ලෙඩෙන්ද කියල අහන කොටත් ලෙඩ කීපයක් කියනවා.