තවත් ගම්මාන 06ක් මුද‍්‍රා තැබේ.. ඇතුළුවීම-පිටවීම තහනම් කෙරේ…

March 29, 2020 at 9:20 am | lanka C news
තවත් ගම්මාන 06ක් මුද‍්‍රා තැබේ.. ඇතුළුවීම-පිටවීම තහනම් කෙරේ…

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මාරවිල ප්‍රදේශයේ ගම්මාන 06කට ඇතුළුවීමට සහ පිටවීමට නැවත දන්වන තුරු තහනම් කර තිබේ.

ඉහළ නාත්තන්ඩිය, පහල නාත්තන්ඩිය, මැද නාත්තන්ඩිය, මරද උතුර, මරද දකුණ, හාල්පන්විල යන ගම්මානවල මෙම නීතිය බල පවත්වන බව මාරවිල පොලීසිය සඳහන් කරයි.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ ජනතාව දින 14ක් නිවෙස් තුළම රඳවා නිරෝධායනට ලක් වීමට නියමිතය.

79,823 Viewers

8 Comments to “තවත් ගම්මාන 06ක් මුද‍්‍රා තැබේ.. ඇතුළුවීම-පිටවීම තහනම් කෙරේ…”

  1. praba says:

    අන්න ඒක බොහෝම හොඳ තීරණයක්. එහෙම තමයි වෙන්න අවශ්‍ය.

  2. ගමරාළ says:

    මිනිසුන් වග කිම් විරහිතව ක්‍රියාකරනවා නම් ඉතින් වෙන විසදුමක් නැ මෙ වෙනුවෙන්.

    වගකීම විරහිතව ක්‍රියාකරන කිහිප දෙනා නිසා දුක් ව්දින්නේ එදා වෙල හම්බ කරන් කාපු අන්ත අසරණ දුප්පතුන් , ත්‍රීව්ද හමුදාව, දොස්තරලා සහ මුලු රට වැසියන් ම මෙ ටික මෙ හරක්ට තෙරැන්ගන්න බැරි විම ගැන කණගාටුදායකයි. නුවර සිදුවිම මෙයට හොදම උදාහරණයකි .

  3. Nimal Liyanage says:

    අර ප්‍රස්තාරෙත් දැම්ම නම් තමා හොඳ. මොකද අපිට ඕක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ.
    තෙවන අදියර නෙමේ, පලවෙනි අදියර එන්න කලින්ම රටේ ඉහල පරිපාලනය ට ඔක්කිකොම කිව්වා එළියෙන් එන අය සීමා කරන්න. Quarantine කරන්න බැරි නමි අඩුම තරමින් එන හැමෝගෙම ඉන්න තැනක විස්තර ගන්න. මොකද ඉතාලි ඉඳන් අපු බහුතරය පැනපු එවුන්, හරි documents නැහැ.
    එතකොට ලංකාවෙන් power එක වැඩිම trade union එක වෙකත් GMOA එක මොකුත් නොදන්න තොත්ත බබාලා වගේ හිටියා.
    දැන් තමයි එහෙම ගිහිල්ල හැංගිලා ඉන්න එවුන්ගේන් බෝ වෙච්ච අය රිපෝර්ට් වෙන්නේ. ලංකාවේ මේක ව්‍යාප්ත උනොත් දරා ගන්න බැහැ.

    • Lady Med says:

      Now GMOA committee is playing a political game. Those 2-3 people are not engaged or not assigned in any practical activity in this fight against virus, come to tv and doing show business.
      The real heros are the Specialist doctors , their subordinates and other staff of health services and also our armed forces.

    • cham says:

      Molligoda rathu kannadiya galawa balanna

    • Dg says:

      Thooth gihin kivvada? Ane pala yanda…

  4. Chathura putha says:

    Animal liyange,Lady med,oba dedenama mola sodaa Gath bava pene.o/l asamath prof.sajith premadasath pahugiya dinaka beheth nirdesha karannata gos kanda haraha ana Gath ayuru oba dedenama dakinnata athi.nodanna demala dodannata gos varige NASA gannata epa kiya illa sitimu.

  5. sena says:

    මුද්‍රා විතරක් මදි සිලුත් කරන්න

Main News