තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියේ..

November 30, 2021 at 6:16 am | lanka C news
තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියේ..

තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියෙන් වාර්තාවේ. ඇඹිලිපිටිය කදුරුගස්ආර හංදියේ වෙළද සැලක් පිටුපස ඇති එම වෙළද සැල් හිමියාගේ නිවසේ මුලුතැන්ගෙයි මෙම පිපිරීම සිදුව ඇත. 29 දා සවස මෙම පිපිරීම සිදුව ඇත.

ගෙහිමියා වන මොහම්දිරම්ගේ ඉන්දික (43)  යන අය කියා සිටියේ සවස්කාලයේ වතුර උණු කිරීම සදහා වතුර තබා තමන් සාලයට පැමිණි බවත් මද වේලාවකින් විශාල ශබ්දයක් ඇසී බලන විට ගෑස් කුකරය පිපිරී ගොස් ගිනිගනිමින් තිබෙන අයුරු තමන්ට දක්නට ලැබුනු බවත් වහාම ඔහු විසින් මෙම ගින්න නිවා දැමීමට කටයුතු කල බවද කීය. මෙහිදී ගෑස් කුකරය වීදුරු සහිත එකක් බැවින් පිපිරී  එහි කොටස් විසිවී තිබෙනු දක්නට හැකි විය.

පිපිරීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කිසිවකු සිට නොමැති අතර එබැවින් කිසිවෙකුට කිසිදු අනතුරක් සිදුව නොමැත.  ශබ්දය ඇසුනු බැවින් තමන් ගින්න නිවූ බව පවසන ගෙහිමියා එසේ නොමැති වූවානම් විශාල අනතුරක් සිදුවිය හැකි බවද පවසයි.

මේ සම්බන්ධයෙන් නිවෙස් හිමිකරු විසින් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇත.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

28,873 views

10 Comments to “තවත් ගෑස් පිපිරීමක් ඇඹිලිපිටියේ..”

  1. 3% ට බය බයියා. says:

    ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගැසිමේ කුමන්ත්‍රණයක් වගේ .

  2. හසිත says:

    වහාම සියලුම Gas සිලින්ඩර නෙවත බාරගනු .වහාම අදාල අමතියා මඩිහත්වනු

  3. 3% ජෙප්පා says:

    මේවගේ දේවල් දිගින් දිගට දානය එපා. සියයට අනූපහක් බොරු කතා විතරයි. පරන ගෑස් ලිප් ගිනිතබා සුන්බුන් පෙන්වමින් කරන නාඩගම නවතා දමන්න. නොසැලකිලිමත් කම නිසා කරගත් හානි වලට කිසිවෙකු පලි නැහැ. පරන රෙගියුලේටර් බට ආදිය නිසා ගෑස් කාන්දු උනාට ටැංකිය පලි නැහැ.

  4. Manel says:

    Is it the fault of the gas, gas cylinder or the cook top?

  5. 225 ම එපා says:

    කරුණාකර පාර්ලිමේන්තුවට සිලින්ඩර් සීයක් පමණ හැකි ඉක්මනින් සපයන්න.

  6. Renuka Herath says:

    Some notorious company are trying to make money from this by selling gas leak detectors. They use very cheap sensors available in open market and sell the so call units for more than 10K. The sensor is available for two to three dollars! Triggering it (where a battery inside) using a mobile app can explore the room if there is a leak! No laws to stop these culprits!

  7. Vishan Perera says:

    Consumer Affair Authority and SLS should stop companies try to sell gas detectors that can work as detonators! Does we have laws to stop these idiots! One can download an app free of charge and connect with a air flow sensor cost you Rs 500!

  8. wijaya amithirigala says:

    ගෑස් පිපිරීම් වලට බ්‍රන්ත වී සිටින ජනතාවට තවත් මර උගුලක්! ඔබේ කුස්සියේ ගස් කන් ඳු වී ඇත්නම් එය ගිනි එව්ලීමට සමත් කිසිම ප්‍රමිති සහතිකයක් නැති මුදල් ඉපයීමම අරමුණ කර ගත සමාගම් විසින් දස දහස් ගණනකට උපකරණයක් ප්‍රවර්දනය කරමින් සිටිය. විවුර්ත වෙළඳ පොලේ ඩොලර් දෙක තුනකට මිලදී ගත හැකි (පරීක්ෂණ මට්ටමේ) සෙන්සරයක් යොදා ගෙන මොබයිල් app එකක හරහා ගස් කාන්දු වන්නේනම් ඔබට දුරසිට දැනුම් දියහැකි මෙම උපකරණය මහා සොයාගැනීමක් ලෙස අර්ථ දක්වය්. එහෙත් ප්‍රමිතියෙන් තොර පරිපත හා බැටරි ඇමුණුම ගෑස් කාන්දුවක් දුර සිට ගිනි එව්ළීමට හැකි මර උගුළකි. ගෑස් කාන්දුවක් ඇති බවට සැක නම් දොර ජනෙල් විවුර්ත කර තබා ටික වෙලාවකට පසු විදුලි උපකරණ භාවිත කරන්න. ස්විට්ච්යක එති සපාර්ක් එක ගිනි එව්ලීමට හැකිය. අනරක්ෂිත එලෙක්ත්රොනික් පරිපත හා battery සහිත උපකරනෙවලට නොරැවැටෙන්න .

  9. lankanatha says:

    මුදල් පස්සෙම ගිහින් ලංකාවේ අනෙකුත් software වලත් නම කෙලෙසු data deletion සඳහා නම දිනූ මේවන විට කිසිම එකෙක් ජොබ් application එකක්‌ වත් යොමු නොකරන අර innovation ගැන බය්ල දොඩවන සමාගම ගැනද මේ කියන්නේ. උන් කලොත් නම් ඉතින් ඇන්දීමක් ම තමා. Gas සෙන්සර් එකක් රුපියල් 500 ය්. ඒවාට හරියන ෆ්‍රී මෘදුකාංග ඕන තරම්. මුන්ගේ detector එක 20,000 ය් . ලාබෛ detonator!

Main News