තවත් ගෑස් පිපිරීමක්…

December 1, 2021 at 10:40 am | lanka C news
තවත් ගෑස් පිපිරීමක්…

හැටන් දිඹුල පතන පොලිස් වසමට අයත් පොඩ්ලි වතු යායේ වතු නිවාසයක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ රෙගුලේටරය පුපුරාගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය.

(30) දින පස්වරු 5 ට පමණ මෙම පිපිරිම සිදු වි ඇති බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.

ගැස් සිලින්ඩරය සහ ගැස් උදුන අතර සම්බන්ධ කර තිබු නලය කොටසකුයි මෙසේ පුපුරා ඇති බවයි පොලිසිය කියා සිටියේ.

නිවසේ සිටි පාසල් දැරියක් ගැස් උදුන දැල්විමට යාමේදි එකවරම ගැස් නලය සහ රෙගුලේටරය පුපුරා ගොස් ඇති බවත්, ඉන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පැතිර ගිය ගින්න පාලනය කිරිමට වතු කම්කරුවන් සමත්වි ඇත.

ගින්නෙන් නිවසේ මුළුතැන්ගෙහි තිබු උපකරණ කිහිපයක්ද පිලිස්සි ඇත.

මිට සති දෙකකට පමණ ප්‍රථම ගැස් සිලින්ඩරය කොටගල ප්‍රදේශයෙන් මිල දි ගත් බව නිවසේ හිමිකරු කියයි.

පිපිරිම සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පුළුල් විමර්ෂණයක් ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,822 views

4 Comments to “තවත් ගෑස් පිපිරීමක්…”

  1. Silva says:

    රැපියල් දෙදාහක් අතමිට මෙලෙව්වාම ගෑස් ටැංකිය පිපිරුනා කියලා කුස්සිය ඇතුලේ කඩදහි ගිනි තියාගන්න කැමති මිනිස්සු ඕන තරම් ඉන්නවා

  2. Consumer says:

    The Government should ask the Supplier to recall all the Gas Cylinders with inferior quality Gas… There is no other way….

  3. අපේ රට says:

    මෙ කියවෙන්නෙ 3වන ගැස් සීලින්ඩරය වෙලදපොලට පැමිනෙන බවද? කාගෙද එක ? සපුගස්කන්දත් වහල.

  4. Sasrasi says:

    ගෑස් සිලින්ඩර ට සහ ගෑස් වලට ප්‍රමිතිය ක් අවශ්‍ය යි . ඔය ආයතන තියෙන්නේ ඒවට නේ .

Main News