තවත් ගෑස් පිපිරීම් දෙකක්…

December 9, 2021 at 6:02 am | lanka C news
තවත් ගෑස් පිපිරීම් දෙකක්…

ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේ නිවසක ගැස් උදුනක් (08) දින පස්වරුවේ පුපුරාගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගැස් උදුන ක්‍රියාවිරහිර කර තිබියදි එය පුපුරාගොස් ඇති බවත්, පසුව නිවසේ පදිංචිකරුවන් ගැස් උදුන සම්බන්ධ කර ඇති රෙගුලේටරය ගලවා ඉවත් කර ගැස් සිලින්ඩරය නිවසින් ඉවතට ගෙන පරික්ෂා කිරිමේදි එම සිලින්ඩරයේ ගැස් කාන්දුවක් ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

මේ අතර නාවලපිටිය නගර සභා මාර්ගයේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන එකවරම මතු වු  ගින්නක් සමග පුපුරා ගිය බවයි නිවසේ හිමිකරු කියා සිටියේ.

නාවලපිටිය පොලිසියද පිපිරිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

පිපිරිම් දෙකෙන්ම කිසිවෙකුට තුවාල සිදු වි නොමැත.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,808 views

2 Comments to “තවත් ගෑස් පිපිරීම් දෙකක්…”

  1. තනිකරම බොරු. මේවාට රැවටෙන්න එපා.

  2. Kuma says:

    ඇයි උඹ ගිහින් බැලුවද ලොරි කැඳ යො.මේකේ කුලියට කහින කුලියට ලියන එකෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා .මුන්ට කන්න නැතුව වැඩක් කරන්නෙ නැතුව මේ වගේ එක එක නම් වලින් කොමෙන්ට් කොටන්න දාලා ඉන්න මුං .මුන් දන්නේ නෑ මිනිස්සු කොච්චර බයෙන් ද ගෑස් පාවිච්චි කරන්නේ කියලා .උඹලට කියන්න තියෙන්නේ ජාතියේ පවට පහල වෙච්ච කාලකන්නි කියල විතරයි .

Main News