තවත් ගෑස් සමාගමක් එයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

August 12, 2021 at 1:20 pm | lanka C news
තවත් ගෑස් සමාගමක් එයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ් හරහා එල්.පී. ගෑස් වෙළඳපලට නිකුත් කිරීම සඳහා බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාට බලය පැවරීමට 09 දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී තීරණය විය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ලෙසින් නව තෙල් පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ම ඉදිකිරීමට මේ වන විට මූලික කටයුතු බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති අතර එම තෙල් පිරිපහදුව ඉදිකිරීමෙන් අනතුරුව දේශීය ගෑස් අවශ්‍යතාවයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හිමිවේ.

ඒ් අනුව නව ගෑස් සමාගම ස්ථාපිත කිරීමෙන් අනතුරුව තරගකාරී මිල ගණන් යටතේ වෙළඳපොළට එල්.පී. ගෑස් ලබාදීමට එම සමාගමට හැකියාව ලැබෙනු ඇත.

– අරවින්ද අතුකෝරල

92,310 views

33 Comments to “තවත් ගෑස් සමාගමක් එයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..”

  1. සමන්කුමාර says:

    මන්නාරමෙ ගෑස් නිධි ගොඩ ගන්න ඒ් පැත්තෙන් කටයුතු කරන ගමන් මේ පැත්තෙන් ගැස් සමාගමක් තෙල් සංස්ථාව හරහා හදනවා. කොහොමද ගම්මගේ ටිකිරි මොලය. සතුටුයි ඇමතිතුමා

  2. වජිර says:

    සාගර කාරියවසමා ලියුම් ගහල කෙලවන්න හැදුවේ මෙහෙම මනුස්සයෙකුට.

  3. කුසල් says:

    මෙච්ච කල් තෙල් ඇමතිලා ෂෙඩ් දුන්නා බවුසර් දැම්මා රස්සාවට දැම්මා ගතමන්ට් ඒක ගත්තා. හැබැයි ගම්මන්පිල වෙනස්. වැඩ කරන්න දීපල්ල මේ මනුස්සයට කකුලෙන් අදින් නැතුව

  4. වික්කා says:

    විකුණනවා කියා හිතන්න එපා….