තවත් ඡන්ද ප‍්‍රතිඵල දෙකක් එයි.. මහින්ද පිල උඩින්ම දිනයි..

October 17, 2016 at 8:40 am | lanka C news
තවත් ඡන්ද ප‍්‍රතිඵල දෙකක් එයි.. මහින්ද පිල උඩින්ම දිනයි..

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල ආසන 92 ක්ද එක්සත් ජාතික පක්ෂය ආසන 35 ක්ද දිනාගෙන ඇත.

එමෙන්ම එම දිස්ත්‍රික්කයේම පිහිටි පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතිය මහින්ද රාජපක්ෂ පිල ආසන 72 ක්ද එක්සත් ජාතික පක්ෂය ආසන 28 ක්ද දිනාගෙන ඇත,

ඊයේ නිකුත් වූ සමුපකාර ඡන්ද ප්‍රතිඵලය අනුව කටුගම්පොල විවිධ සේවා සමුපකාර සමිතිය සහ පඩුවස්නුවර විවිධ සේවා සමුපකාර සමිතිය යන දෙකම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකිවූ අතර එජාපය දිනාගත්තේ එම ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩුවෙනි.

කටුගම්පොල ආසනය වර්තමාන අපාදා කලමණාකරන අමාත්‍යවරයාගේ ආසනය වන අතර පඩුවස්නුවර වර්තමාන රජයේ නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක ගේ ආසනයවේ.

135 views
Main News