තවත් ණයට ඉන්දීය තෙල් නෑ…? ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට…

June 17, 2022 at 10:22 pm | lanka C news
තවත් ණයට ඉන්දීය තෙල් නෑ…? ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට…

මෑත කාලීනව ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සිදුකෙරුණු විශ්වාසය බිඳෙනසුළු ක්‍රියාවන් හේතුවෙන්, ඩොලර් මිලියන 500ක් වටිනා ඉන්ධන වෙනුවෙන්වූ මීළඟ ණය සහනය(Credit Line) ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳව ඉන්දියාව දෙගිඩියාවෙන් පසුවන් බව වාර්තා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම දැඩි අර්බුදයකට ලක්කරමින් මෙම ණය සහනයට අදාළ සාකච්ඡා පසුගිය සතියේ නතර විය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා(16), මීට පෙර ලබාදී තිබුණු ඉන්ධන ණය සහනය යටතේ මෙරටට ඉන්දියාවේ සිට ළඟාවූ ඩීසල් නෞකාවෙන් අනතුරුව, ඉදිරි කාලය වෙනුවෙන් ඉන්ධන ලබාගැනීම අර්බුදයක් බවට පත්ව ඇත.

මෙලෙස ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට තවදුරටත් ණය නිකුත් කිරීම පිළිබඳව අර්බුදයක් නිර්මාණය වීමට ප්‍රධානම හේතුවක් බවට පත්ව ඇත්තේ,දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක්ද නිර්මාණය කරමින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එච්.එම්.සී. ෆර්ඩ්නැන්ඩෝ පසුගියදා කෝප් කමිටුව හමුවේ සිදුකරන ලද මන්නාරම විදුලි බලාගාරය පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශයයි.

එම ප්‍රකාශය ඔස්සේ හිටපු සභාපතිවරයා සඳහන් කරන ලද්දේ ඉන්දියාවේ අදානි සාමාගම විසින් ඉදිකිරීමට යෝජිත පුනර්ජනනීය විදුලි ව්‍යාපෘතිය සඳහා ඉන්දීය අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් සිදුකර ඇති බවයි. මෙම ප්‍රකාශය හේතුවෙන් දෙරටේම ආන්දෝලනාත්මක තත්ත්ව උද්ගත ඇති අතර, ඇතැම් දේශීය කණ්ඩායම් විසින් ශ්‍රී ලංකාව තුල ඉන්දියානු විරෝධයක් නිර්මාණය කරමින් සිටින බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

– අරැණ

55,534 views

13 Comments to “තවත් ණයට ඉන්දීය තෙල් නෑ…? ෆර්ඩිනැන්ඩුගේ කතාවෙන් ඉන්දියාව අවුලට…”

  1. Mr. Clean says:

    රනිල් 2015 දිත් ජවිපෙ, පෙරටුවන් සහ කහකඩයන් පාරට මුදා හැර චීන සහ ඉන්දියානු විරෝධය අවුලවා චීන සහ ඉන්දියන් ආයෝජන රැසක්ම අධෛර්යමත් කර උපක්‍රමශීලීව කඩාකප්පල් කරා.
    අළුත්ම කුමණ්ත්‍රණය මැතදී රුසියන් ගුවන් යානය බලහත්කාරයෙන් රඳවා ගැනීම.
    දැන් 2022දී නැවතත් පරන සෙල්ලම ඔහු පටන්ගෙන. ඔහු හැම ගේමක්ම ගහන්නේ අත්වල ග්ලව්ස් දමා අත්වල කිසිවක් නොතැවරෙන ලෙසයි

    • Helaya says:

      ඇමරිකානු තැරැව්කරුවාගෙ භූමිකාව.

    • ගමේ ජයශාන්ත අයියා says:

      බිය නොවන්න …විදේශ ආයෝජන විදේශ ආක්‍රමණ ලෙස සිතන,ආයෝජකයන්ට ඉඩමක් සින්නක්කර තබා කුලියට වත් ගන්න නොදෙන ,මහා නිධානයක් උඩ සිටිනවා කියාගෙන කය්වාරු ගහන ලිදේ මැඩියන් වන පිනට කන කහකඩයින් සහ රතු මල්ලිලා විසින් සල්ලි ගස් වලින් කඩා ජනතාවට සපයනු ඇත….

  2. DH says:

    චීන විරෝධය නිසා ඉන්දියාව මත යැපුනා. දැන් ඉන්දියානු විරෝධය නිසා තනකොල මත තමා යැපෙන්න වෙන්නේ.

    • Sri Lankan says:

      Too late my friend.. Nothing we can do now.. Just enjoy the match between India and China ..

  3. Gorilla says:

    පිස්කල්ට බැරිනම් ෆර්ඩිනැන්ඩෝ කෙනෙක් හරි ඉන්නවා රටට කෙලින්න. තුහ් තොපි.

  4. aniwa says:

    But what he said was true, shame on both leaders which is enough to resign in an European country. But ours have no shame no matter what.

    • Kk says:

      කොහොම ද කියන්න එක හරි කියලා? කොහෙද සාක්ෂි? බොරුවට රට අනාත කරන්න එපා යකෝ. ආණ්ඩුවට ද්‍රෝහි උනාට කමක් නෑ, රටට ද්‍රෝහී වෙන්න එපා.

  5. harsha says:

    කොයි රටත් ලංකාවට උදව් කරන්නේ ඊට වැඩි යමක් ගන්න බලාගෙන.

  6. Americano says:

    Oya mans ge gewal, car gini thiyanne nedda ??

    Moko mage deshapramee janathawa, hitheemen ochchara “one-sided” ???

  7. Banda says:

    Sri Lankan leaders should have correctly understood Indian reaction before we invited the Chinese to invest in SL.

  8. බබක්ක says:

    ණයට දෙනව කියල කොච්චර දෙන්නද? කවද වෙනකං දෙන්නද?
    ‍ලංකාවෙ ඉන්දන අවශ්‍යතාවය සැපිරිය යුත්තෙ ඉන්දියාවද? දෙන්න පුලුවන් වුනත් ඉන්දීය පාර්ලිමේන්තුව තුල ලංකාවට දිගටම ආධාර කිරීමට විරෝධයක් මතු වෙන එක නවත්තන්න බෑ. ඉන්දියාව තමන්ගෙ රට වෙනුවෙන් වියදම් කරන්න තියෙන මුදල් මේ විදිහට වෙනත් රටකට දෙනවට කව්ද කැමති වෙන්නෙ.
    අපේ රටේ ආදායමෙන් ඉන්දන මිලදී ගන්න පුලුවන් කරන තුරු මේකට විසඳුමක් නැත

    • aanamaduwe maanavadu says:

      indiawa thawa thawath thel deela apita udavkorai, babakkaa umba redda ussala umbe bibikkama modita dunnothin.

Main News