තවත් තවත් ඉහලට.. අදත් 12ක් හමුවේ…

May 9, 2020 at 4:40 pm | lanka C news
තවත් තවත් ඉහලට.. අදත් 12ක් හමුවේ…

තවත් පුද්ගලයා 12 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම දස දෙනෙකු නාවුක හමුදා සෙබළුන් වන අතර ඉතිරි දෙදෙනා ඔවුන්ගේ ආශ‍්‍රිතයන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 847 ක් දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

194 views

21 Comments to “තවත් තවත් ඉහලට.. අදත් 12ක් හමුවේ…”

  1. Fernando says:

    අනිල් ජාසිංහ කිව්වා නේද දැන් පාලනය කරලා තියෙන්නේ කියල

    • dev says:

      but inside the camp.It will go for another few days.

    • අබරං ආතා says:

      බොලං උබලා පාලනය කියන එකේ තේරැම දන්නේ නැහැ කියලා අපි දන්නවා බොලව්. හොදට අහගනින් ජාසිංහ මහත්තයා කියන්නේ දැනට හම්බ වෙන රෝගීන් එයාලා සැකපිට වෙන් කරගත් අයට පිටින් හම්බ නොවන වග දැනගනින් ඕං

    • ප්‍රභාත් says:

      පාලනය කරලා හින්දනෙ 9 ක් හම්බු වෙන්නෙ.නැත්නම් එකපාරට හම්බුවෙවි 90ක් හෝ900ක් .

    • හැලීගේ ධුම කේතුව says:

      හීනෙන්ද ? පාලනය කරලා තියෙන්නේ මිනිස්සු ගේ නිදහස. කොරෝනා හෝ ගාලා වටේම යනවා.

      • Citizen says:

        අනේ පොන්ස්

      • හූ ..ඌ..! says:

        වටේ නෙමෙයි කොරෝනා උඹේ කටේ නොගියොත් තමා පුදුම. ගහන බේගල් හා කරන බලු වැඩවල හැටියට.

    • Aurora says:

      පාලනය කරලා තියනවා කියන එකේ තේරුම රටේ ඉන්න සියලුම කොරෝනා රෝගීන් දැන් ඉන්නේ රජයේ පාලනය යටතේ කියන එකයි. කොරෝනා වැළඳිලා කියා ස්ථිර රෝගීන් රෝහල්වල ප්‍රතිකාර ලබනවා, සැකසහිත අය වෙන්කරලා නිරෝධායනය කරනවා. ඒ අනුව ඒ කිසිම කෙනෙකුගෙන් තවත් නීරෝගී අයකුට රෝගය බෝවීමට හැකියාවක් නැහැ. ඒ තත්වයට කියන්නේ පාලනය කරලා තියනවා කියලයි. ඒ අනුව නිරෝධායනය කරපු කණ්ඩායම් දිගටම ටෙස්ට් කරගෙන යන්න ඕන සැකය දුරුවෙනකම්. ඒ අතරින් කොරෝනා ස්ථිර වුනොත් රෝහල් ගතකරලා සුව කරනවා. එහෙම නිරෝධායනය කරන අය අතරින් රෝගීන් හමුවුනොත් මැරෙන්නේ නැහැ. මොකද රෝගයේ මුල් අදියරේම රෝගියා අඳුනාගන්න නිසා සුවකරන්න පහසුයි. නමුත් හැංගිලා ඉන්න අය අහුවෙනකොට සුවකරන්න බැරි මට්ටමට ගිහින් නිසා මැරෙනවා තමයි. නමුත් රෝගීන් සහ සැක සියල්ලෝම දැන් හඳුනාගෙන පාලනයේ ඉන්නේ.

      • A.K. පුමාරිස් අප්පු says:

        කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් (KDU) ලබා දුන් වැරදි කොරෝනා වාර්තාවක් නිසා විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. එනම් පෑලියගොඩ මාළු වෙළඳ පොලේ වෙළෙන්දෙකුට කොරෝනා පොසිටිව් කියා දුන් වැරදි වාර්තාවක් නිසා පෑලියගොඩ සිටි 553 දෙනෙක්ම පරීක්ෂාවට ලක්කරන්නට සිදුවීමයි. අවසානයේ MRI පරීක්ෂණ වලින් තහවුරු වුනේ KDU විශ්ව විද්‍යාලයේ ප්‍රතිඵලය වැරදි බවයි. මෙලෙස රටේ විශ්ව විද්‍යාල 3 කින්ම වැරදි වාර්තා ලබා දී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති MRI හෝ අයිඩීඑච් PCR පරීක්ෂණ කිසිවක් මේ දක්වා වැරදී නැත. එසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති පරීක්ෂණාගාර දියුණු නොකර පිටත ආයතන වලට සාම්පල යොමු කරන්නේ කාගේ වුවමනාවටද ?

  2. babu says:

    පාලනය අතට ගන්නවා කියන්නෙ කැමති ගානක් ඉන්න බව කැමති ලොවකට කියන්ඩ පුළුවන් කියන එකට නේද ආයිබෝං ?

    • ප්‍රියාන් says:

      නෑ ආයිබොං පාලනය අතට ගන්නවා කියන්නෙ රෝගීන් ගණන අපිට පාලනය කර ගන්න පුලුවන් මට්ටමේ පවතිනවා කියන එකයි. එකියන්නෙ (ඉන්න ලෙඩුන් ගණන) 9කට අපට පහසුවෙන් ප්‍රතිකාර කිරීමෙ හැකියාව තිය්නවා. ඇමරිකාව වගේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි තරමට ලෙඩුන් වැඩි වෙනව නම් අන්න ‘පාලනය කර ගන්න බැරි උනා’ කියනවා

  3. කමල් says:

    ඉදිරියේදී රජය ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් පුද්ගලික ප්‍රවාහනය නැති කර දැමිය යුතුයි. බස් ජන සතු කල යුතුයි. රජය යටතේ බස් සමාගම් ඇතිකර දැනට වැඩ කරන සේවකයින් වැඩට ගත යුතුයි. බස් හිමියන්ට කොටස් වශයෙන් අවුරුදු 10 කින් පමණ ගෙවී යන සේ වන්දි ගෙවිය යුතුයි. රාජ්‍ය පරිපාලන ව්‍යුහය සම්පුර්ණයෙන් වෙනස් කල යුතුයි. රජයේ සේවකයන් වැඩ කරන්න දන්නේ නැහැ. කලා උපාධියෙන් ඇවිත් විදුලි බලේට උපදෙස්. වානිජ්‍ය කරලා ඇවිත් තොරතුරු තාක්ෂණය අල්ලගෙන උපදෙස්. මොන කෙහෙම්මලක්ද ජනාධිපතිතුමනි? රටට ගැලපෙන පිටරට කොපි නැති ක්‍රමයක් හදමු. ලංවෙන හොරු ගැන හොඳින් හිතන්න

    • rw says:

      කලා උපාධි ගත්ත කට්ටිය තමයි පරිපාලන සේවයට ඇවිත් මුළු ලංකාවේම අනිත් වුර්තිකයන්ට දේශපාලකයින්ට උපදෙස් දෙන්නෙ. මෙහෙම පුලුවන්ද රටක් හදන්න. මං හිතන්නේ ජනාධිපති තුමාට තේරෙනවා ඇති වැඩ කරන්නේ කවුද, ෆයිල් උස්සගෙන රුපවාහිනි කැමරා පස්සේ යන්නේ කවුද කියලා.

  4. Saradiel says:

    ඉක්මන් සුවය පතමු

  5. උපාසක says:

    ලෙඩ්ඩු වැඩිවෙනකොට සමහරුන්ගේ චූන් එකත් වැඩි වෙනවා. රටට ජනතාවට විපතක් වෙනකොට ඒකෙන් සතුටක් ලබනවානම් උන් මිනිස්සු නෙවෙයි.

  6. ජානක says:

    ආණ්ඩුවේ නොහැකියාව වසන් කරගැනීම සඳහා කොරෝනා වසංගතය උපයෝගී කරගැනීමේ පරම චේතනාව නිසා නිසි කලට ගුවන් තොටුපළ වසා දැමීම, විදේශගතව සිට පැමිනෙන සියලු දෙනා විධිමත්ව නිරෝධායනයට ලක්කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාමට අදාල වැඩපිළිවෙළ සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම මත රටත් ජනතාවත් කොරෝනා වෛරසය ට බිලිදීමේ වගකීම අනිවාර්යයෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව වෙත පැවරේ.

  7. Dimuth says:

    This from inside the camp… so what’s the issue. There are over 4000 sailors in the camp. So there may be some more.

    You fools can’t you all see facts. It’s controlled elsewhere.

  8. නයා says:

    වසංගතයක් පාලනය කිරීම කියන්නේ සමජයීය පැතිරීම පාලනය කිරීම කියන එක වටහා ගන්න ඇතැම් පක්ෂ වහලුන්ට නොහැකිවීම තේරුම් ගත හැකියි.
    එකතු වන සෑම ඉලක්කමක් පාසා උද්දාමයට පත් වන මේ වැනි දේශපාලන හිඟන්නන් රටේ අහේතුවට බිහිවූවන්.

  9. gorilla says:

    පියල් ද සිල්වා නාවික හමුදාපතිතුමාගේ වගකීම්විරහිත අදක්ෂ ක්‍රියාකලාපය නිසානේ මේක උනේ. රජය ඔහු ඉවත්කරනව වෙනුවට මාද්‍ය සාකච්චා තියන්නත් ඉඩ දීල තියෙනවා.

  10. නෙවිල් says:

    වසංගතයක් පාලනය කිරීම කියන්නේ සමජයීය පැතිරීම පාලනය කිරීම කියන එක වටහා ගන්න ඇතැම් පක්ෂ වහලුන්ට නොහැකිවීම තේරුම් ගත හැකියි.
    එකතු වන සෑම ඉලක්කමක් පාසා උද්දාමයට පත් වන මේ වැනි ජෙවිපි, යුඑන්පි දේශපාලන හිඟන්නන් රටේ අහේතුවට බිහිවූවන්.