තවත් තුන් දිනකින් ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය සපුරා තහනම් කෙරේ..

March 23, 2020 at 2:10 pm | lanka C news
තවත් තුන් දිනකින් ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය සපුරා තහනම් කෙරේ..

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.

මේ දිස්ත්‍රික්කවල හෙට (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වේ.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබේ.

සෙසු දිස්ත්‍රික්කවල අද (23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලැබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම් වෙයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇත.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ලැබේ. කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළයුතු බව රජය දැනුම් දෙයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

47,548 Viewers

13 Comments to “තවත් තුන් දිනකින් ඇදිරි නීතිය දීර්ඝ කෙරේ.. දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය සපුරා තහනම් කෙරේ..”

  1. අංජු says:

    මිනිසුන්ගෙ මානසික සෞඛ්‍ය බරපතළ අවදානමක….. දැන්ටමත් මානසික අසහනය වර්ධනය වෙලා…. මේ සම්බන්දයෙනුත් යම් ක්‍රියා මාර්ග ගත යුතුයි….

    • ධර්මය තමයි ඔසුව.. මෙතෙක් මහත් විශ්වාසයකින් බදා වැලදගෙන, මිනිසා විසින් සාදා ගෙන ක්‍රියාත්මක කළ සියලු පද්ධති, ස්වභාව ධර්මය විසින්ම එකින් එක කඩා බිද දමා මිනිසාට නැවත වරක් තම ගමන් මග ගැන හොදින් සිතා බලන්නට බල කරන හැටි විශ්මය ජනකයි.

      ගුවන් ගමන්, නිවාඩු නිකේතන, රැකියා, ව්‍යාපාර, අධ්‍යාපනය, සංවර්ධනය, දේශපාලනය ආදී එකී මෙකී හැම දෙයක්ම, නිවාස අඩස්සියකට සහ සතොස බඩු මල්ලකට ලඝු කරන්නට මේ පුංචි වයිරසය ක්‍රියා කොට ඇත. උත්කර්ෂවත් විවාහ මංගල්ල, අවමංගල උත්සව, දේශපාලන රැලි, විදේශ සංචාර, මිනිස් රැස්වීම් මේවා තව දුරටත් වලංගු නැති තත්වයට පත් වී ඇත.
      මිනිස් ජීවිතයේ සැබෑ හරය සොයා යන්නට ලබා දුන් අහඹුවකි..

  2. හාරත බූරුවා says:

    අතඩංගුවට ගැනීම ප්‍රශ්න ගොඩක් අවශ්‍යයතාවය හා තැන අනුව බැටන් චර්ජ් කිරීමට පොලිසියට බලය පවරන්න. එය මේ මොහොතේ අමානුසික දෙයක් නොවෙයි. කොරෝනා ඊටවඩා බරපතලයි

  3. හාරත බූරුවා says:

    අවශ්‍යය තැන්වල බැටන් චාර්ජ් කරන්න පොලිසියට අණදෙන්න. සිර මැදිරි පුරවනවට වඩා ප්‍රථිඵලදායකයි

  4. T says:

    Corona madiwata Manasika leddu.Rathu Ali gen natnam Moda Putano gen Bowenna Athi. Mekata 2 /2 Polak aragena Anju wage unta Hodata Nela Palla.

  5. ASK says:

    Human became a nuisance to the nature.
    Now nature is teaching us a corrective lesson, and is reminding us our limits.

  6. Love nature says:

    කරුණාකර විදි පාරවල් කුණු කසල පවිත්‍ර කරන අයට මුක වර්ණ අත් මේස් සපත්තු ලබා දෙන්න මෙය විසාල පිනක් ඒ අයත් මනුසයෝ

  7. Cosmic ray says:

    ඇදිරි නීතිය දමා මින්සුන් දින ගනනාවක් නිවෙස් තුල කොටු කර තබා පැ ය කිහිපයක් ලිහිල් කිරීමෙන් ජනතාව වෙළද සල් වල පොරකමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට එක රොක් වීම හේතුකොටගෙන කොරෝනා බෝවීමේ ඉඩකඩ වැඩි වේ. මිනිසුන් හට ලබා දී ඇති සමහර උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇත. ඇදිරි නිතිය උදැසන 6ට ඉවත් කලද බොහෝ වෙඅද සැල් 7.30 පමණ තෙක් අරින්නේ නැත. සීමිත පැය ගණනක් තුල වෙළඳ සැල් කීපයකට යාමට සිදුවේ . මා ජිවත් වන ප්‍රදේශයේ පසුගිය සිකුරාදා ස තො ස වසා තිබිණි.සුළු කාලයක්තුල විශාල පිරිසක් භාණ්ඩ මිලදී ගැනීමට උත්සාහ කිරීමේදී තරග කාරී ස්වභාවයක් ඇතිවන නිසා එකිනෙකා අතර දුරස්ථ භාවයක් පවත්වාගැනීම දුෂ්කරය. ඇතැම් ස්ථාන වල ජනයා ගිනි අව්වේ පෝලිම් වල දුක් විඳිති. ස තො ස හා සමුපාකාර සමිති මගින් නිවෙස් වලට ගොස් භාණ්ඩ අලෙවි කිරීමේ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කළහැකි නම් මිනිසුන් වෙළඳසැල් අසල එක්රොක් වීම නවතා ගත හැකි අතර ජනතාවටද විශාල සහනයකි. කොපමණ උපදෙස් දී ඇතත් මහජනතාව ඒවා පිළිපදින බවක් නොපෙනේ. එම නිසා රජය කොරෝනා මර්දනය සදහා ගන්න මහත් පරිශ්‍රමය, මෙසේ මිනිසුන් එක්රෝක්විම නිසා ව්‍යාර්ථ වීමේ අවදානමක් පවතී.

Leave a Comment

Main News