තවත් දැවැන්තයන් පිරිසක් ශ‍්‍රීලනිපයට එක්වෙනවා..- වෙල්ගම ශ‍්‍රීලනිප වේදිකාවේ කියයි..

July 26, 2019 at 10:35 pm | lanka C news
තවත් දැවැන්තයන් පිරිසක් ශ‍්‍රීලනිපයට එක්වෙනවා..- වෙල්ගම ශ‍්‍රීලනිප වේදිකාවේ කියයි..

තවත් දැවැන්තයින් පිරිසක් ඉදිරි දින වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඉදිරියේදී නොසිතූ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වනු ඇති බව පැවසූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව කිසිවෙකුට ජනාධිපති වීම හෝ ආණ්ඩු පිහිටුවීම කළ නොහැකි බවද පැවසීය.

149 views
Main News