තවත් දැවැන්ත ප‍්‍රශ්ණයක් විසදේ.. සුදු නිල ඇදුම් අවසන්.. සියළු පාසැල් සිසුනට පාට පාට නිල ඇදුම්..

March 31, 2017 at 3:50 pm | lanka C news
තවත් දැවැන්ත ප‍්‍රශ්ණයක් විසදේ.. සුදු නිල ඇදුම් අවසන්.. සියළු පාසැල් සිසුනට පාට පාට නිල ඇදුම්..

මෙරට පාසල් සිසු සිසුවියන්ට සුදු පැහැ නිල ඇඳුම් වෙනුවට විවිධ වර්ණ සහිත නිල ඇදුම් හඳුන්වාදීමට සූදානම් බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් කොළඹදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.

මෙම පියවර ගනු ලබන්නේ සිසුන්ගේ ක්‍රීඩාශීලීත්වය වර්ධනය කිරීම බවත් කී ඔහු නිල ඇදුම් සදහා වර්ණ හතරක් හෝ පහක් හදුන්වා දී සිසුනට කැමති පාටක ඇතුමක් තෝරා ගැනීමට ඉඩ දෙන බවද පැවසීය.

සුදු නිල ඇදුම් පමණක් අදින පාසල් ඇත්තේ ලංකාවේ පමණක් යයිද කී ඇමතිවරයා සුදු ඇදුම් ඉක්මනින් කිලිටි වෙන නිසා ක‍්‍රීඩාවට යන්න සිසුන් කැමති නැතැයිද කීය.

නිල ඇඳුමේ පාට වෙනස් කිරීමෙන් ක්‍රීඩාවට උත්තේජනයක් ලැබෙනු ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

143 views
Main News