තවත් නඩුවකට ගෝටාභය කැදවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ…
September 24, 2019 at 1:20 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කර ඇති නියෝගය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද නිකුත් කරනු ලැබීය.
ඒ මහතා අධිකරණය හමුවට කැදවා ඇත්තේ 2011දී සිද්ද වූ ලලිත් හා කූගන් නම් දෙදෙනාගේ අතුරුදන් වීම ගැන විභාග වන නඩුවේ සාක්ෂි ලබා ගැනීමටයි.
මෙම නියෝගය සම්බන්ධය අත්හිටුවන්නැයි ඉල්ලමින් රාජපක්ෂ මහතා සිදු කර තිබූ අභියාතනය සලකමින් මෙම නියෝගය නිකුත් කර ඇත.