තවත් නිහඬ වනු බෑ.. භික්‍ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්දයි..- අස්ගිරි නාහිමිගේ ප‍්‍රතාපවත් ලිපිය මෙන්න..

June 21, 2017 at 1:20 pm | lanka C news
තවත් නිහඬ වනු බෑ.. භික්‍ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්දයි..- අස්ගිරි නාහිමිගේ ප‍්‍රතාපවත් ලිපිය මෙන්න..

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය කර සිටියි.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්‌වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්‌ගිරි නාහිමියන් රජය වෙත නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය.

අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක්‌ පැමිණි කල එහි ආරක්‍ෂාව වෙනුවෙන් බෞද්ධ භික්‌ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්‍ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි. එය භික්‌ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක්‌ වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණ දීමට එය තුළින් ඉඩකඩ සැකසෙනවා ඇත. මේ නිසා අප අස්‌ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාව පහත සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක්‌ ගොඩනැඟීමට ප්‍රයත්න දරන ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්‍රමුඛ රජයේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.

ගලගොඩඅත්තේ ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස්‌ ප්‍රකාශන ශෛලය අප කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු. උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම් උපයෝගී කරගනිමින් සමස්‌ත භික්‍ෂු සමාජයම අවඥවට ලක්‌ කරමින් වාමාංශික යයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන්ද, සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්‌ෂූන් වහන්සේලා විවේචනය කරමින්, නම පමණක්‌ කියමින්, ආමන්ත්‍රණය කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළකිරීම් අප තරයේ හෙළා දකින අතර අපගේ සිංහල හා බෞද්ධ සංස්‌කෘතිය තුළ අතීතයේ පටන් පැවත එන පරිද්දෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ සිය නමින් ඇමතිය හැක්‌කේ වැඩිහිටි භික්‌ෂුවකට පමණක්‌ය යන්න ද මෙහිදී සිහිපත් කරමු.

ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට අපගේ බලවත් අප්‍රසාධය පළකරන අතර මේ නිසා ඉදිරියේදී රට තුළ නොසන්සුන්කාරී පසුබිමක්‌ ඇතිවුවහොත් ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම දැඩිසේ අවධාරණය කරමු.

පවත්නා නීති රීති වෙනස්‌ කිරීමට යැමෙන් අර්බුදකාරී වටාපිටාවක්‌ සමාජය තුළ ඇතිවීමට හේතුවක්‌ වන බවක්‌ ද පෙනී යයි. සිංහල හා බෞද්ධයන් එල්ලකරගෙන සිදුකරනු ලබන නව නීති රීති හඳුන්වා දීමට යැම මෙම අර්බුදයට මූලිකම හේතුවයි. එබැවින් පවත්නා නීති රීතිවල යම් වරදක්‌ තිබේ නම් පමණක්‌ ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු නමුත් පවත්නා නීති රීති, ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි. ජාතික සංහිඳියාවට මුවා වී සිදුකරනු ලබන රක්‍ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැඟෙනහිර පුරාවස්‌තු විනාශ කිරීම, වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව වහා අවධාරණය කරන අතර මේ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව අවධාරණය කරමු. භික්‌ෂූන් වහන්සේලා අතීතයේ සිට වැඩ වාසය කරමින් දියුණුවට පත් කළ ඓතිහාසික සිද්ධස්‌ථාන පාලනයට පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්‌ථාන ආරක්‍ෂා කිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්‌ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය වහා නතර කළ යුතු බව දැනුම් දෙමු.

සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්යුත් මාධ්‍ය මගින් විවිධ වාර්තාවන් පළ කරන අතර ඒවගේ සත්‍ය අසත්‍යතාව සොයා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂ වගකීමක්‌ බව සිහිපත් කරමු. නිරන්තරයෙන් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම භික්‌ෂූන් වහන්සේලා අප දැනුවත් කරන අතර ඒ අනුව බුදුදහමට එරෙහිව බෞද්ධයන් කියාගන්නා පිරිස්‌ මෙන්ම අන්‍යාගමිකයන් විසින් කරනු ලබන විවිධ ප්‍රකාශන හේතුවෙන් බොහෝ සේ පාරම්පරික බෞද්ධ චර්යාධර්මවලට අනුකූල සිංහල සමාජය වියරුවට මංපෙත් විවර කරන මෙහෙයුමක්‌ ක්‍රියාත්මකව පවත්නා බව දැනගන්නට ඇත. එසේම බුදුදහම හා බෞද්ධ සංස්‌කෘතිය විකෘති කරන ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය මගින් කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත වහාම සම්මත කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අවධාරණය කරමු. ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍යාගම්වලට ගරු කරමින් එසේම ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක්‌ බව මෙරට සියලු අන්‍යාගමිකයන් තරයේ සිත් තබාගත යුතු කරුණකි. එවැනි සහනශීලීත්වයක්‌ ලබාදුන් බෞද්ධ හර පද්ධතියට නිගරු කරන අන්‍යාගමික ක්‍රියාවන් අපි තරයේ හෙළා දකිමු. එබැවින් දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන මෙම අසාධාරණ හමුවේ ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයත්, දේශහිතෛෂී ජනතා බලවේගයත් එක්‌සත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටිමු.

සංඝ සභා සම්මතයෙන් සකස්‌ වූ මෙම නිවේදනය අස්‌ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්‌ථවිරයන් වන මා විසින් පිළිගෙන ප්‍රකාශයට පත් කරමි.

– දිවයින

91 views

21 Comments to “තවත් නිහඬ වනු බෑ.. භික්‍ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්දයි..- අස්ගිරි නාහිමිගේ ප‍්‍රතාපවත් ලිපිය මෙන්න..”

  1. LION says:

    බුදු දහමෙන් තමයි සිංහල ජාතිය පෝෂණය වුණේ. ඒ නිසා බුදු දහමෙන් තොරව සිංහල ජාතියට පැවැත්මක්‌ නැහැ.

  2. AS says:

    ත්‍රස්තවදීන්ගෙන් මේ රට බේරගන්න සිහිනුවනින් වැඩ කල යුතුයි. එ.ජා.ප​. නායකයින්ට​, ආගමක් නැතිලු. ජෙප්පොන්ටත් නැහැ. ඒ කියන්නෙ, උන්ට බුද්ධාගම තිබුනත් නැතත් ප්‍රෂ්නයක් නැහැ. හැබැයි, ඒ පක්‍ෂවල ඉන්න සාමාජිකයින්ට ආගමක් තියනව​. ඒවයෙ ඉන්න බෞද්ධයින් මීටවඩා සිතන්න වෙනව පක්‍ෂයද රටද කියල​.

  3. Sadda says:

    Oba wahanseta namaskara wewa!. Mema lipiyen oba wahanse dakwa athi karunu pilibanddawa samastha sanga parapurama denuwath kara, jayagrahanaya thek satan karamu!.

  4. sinha le says:

    බුදු දහම හා බැදුනු කීර්තිමත් අතීතයක හිමිකම් කියන ශ්‍රී ලාංකිකයන් සැමවිට සභ්‍යත්වය සදාචාරය ඉතා උතුම් කොට සලකන ලදී. බඩගින්නේ සිටියද තම සභ්‍යත්වය විකිණීම ලාංකිකයින් විසින් කිසිවිටක සිදුනොකරන ලද්දකි. ශ්‍රී ලාංකීය ජාතිය නමින් අළුතෙන් බිහිකරන්නට හදන පියෙකු නැති අවජාතක ජාතිය, සිංහල ජාතිකත්වය මොට කිරීම සදහා සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයටත් වඩා භයානක, තවත් එක් ද්‍රෝහී සංකල්පයක්.

    සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම පොදුවේ ශ්‍රී ලාංකිකයෝ. ඒ හැර ශ්‍රී ලාංකික නමින් ජාතියක් නෑ. එහෙම විවිධ ජාතීන් එකතු කරල හදපු ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. යම් රටක ශිෂ්ටාචාරය, සංස්කෘතික හර පද්ධතිය ඓතිහාසිකව ගොඩ නැගූ ජන කොටස ජාතිය නමින් හදුන්වයි. ලෝකයේ එවැනි පිළිගත් ජාතීන් ඉන්නේ 27යි. සිංහල ජාතියත් ඒ 27න් එකක්. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන එකම එක ජාතිය සිංහල වන්නේ මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය ඓතිහාසිකව ගොඩනැගුවේ සිංහලයින් වන නිසා.

    ඒ අනුව මේ රටේ ජීවත් වන එකම ජාතිය සිංහල. අනිත් හැමෝම ජන වර්ග මිස ජාතීන් නෙවෙයි.

  5. love nature says:

    වීර පුරන් අප්පුට ඔටුන්න පළදවලා කඩුව අතට දුන්නෙ කුඩාපොළ හාමුදුරුවෝ, ඉංග්‍රීසි කොඩිය බිම දාල සිංහලේ කොඩිය එසෙව්වෙ වාරියපොල හාමුදුරුවෝ, එදා ඉදල රට,ජාතිය,ආගම රැකගැනීම සදහා භික්ෂූන් වහන්සේලා ජීවිතය පර දුව තබා ක්‍රියා කලේය

  6. Veerasena says:

    Mahanayake Hamuduruvonta kapana hati MARA gen igena ganna

  7. චන්දා says:

    දඹුලු ගිහින් තලගොයිත් මරන් ඒම. ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය …මන් බැලුවා මොකෝ මේ තකහනියක් කවදාවත් නැති වීර ප්‍රකාශනයක් කොහොමද ප්රාතිභුත වුනේ කියලා මේ මහා නිකා පර්ශවකින් එක පාරට. පස්සෙයි මීටර් උනේ අස්ගිරි පාර්ශවයේ දඹුලු විහාරේ සංචාරක ටිකෙට් කේස් එක. මේ ගොල්ලොත් අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වගේ තමයි. අපි හිතන් ඉන්නවා අපේ කණ්ඩායම රට වෙනුවෙන් සෙල්ලම් කරනවා කියලා. එත් උන් ක්‍රීඩා කරන්නේ උන් වෙනුවෙන්.

Main News