තවත් පක්‍ෂ දෙකක් ආණ්ඩුවට එක්වෙයි.. ජාතික ආණ්ඩුවක්…

August 11, 2020 at 9:30 am | lanka C news
තවත් පක්‍ෂ දෙකක් ආණ්ඩුවට එක්වෙයි.. ජාතික ආණ්ඩුවක්…

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුතු ටීඑම්වීපී පක්‍ෂය නව රජයට සහාය දැක්වීම සඳහා තීරණය කර තිබේ.

එම පක්‍ෂය මැතිවරණය සඳහා තරඟ වැද මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී අසුනක් ජයග්‍රහණය කර ඇත.

පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පිල්ලෙයාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන චෝදනා වට ලක්වී බන්ධනාගාරගත කර සිටින අතර මෙම නඩුව තවදුරටත් මඩකලපුව මහාධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ අතර මෙවර මැතිවරණයේ දී එක් මන්ත‍්‍රී ආසනයක් දිනා ගත් ජාතික කොංග්‍රසය ද ආණ්ඩුවට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ මන්ත්‍රී ධුරයකට පත්වූ ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ මහතා සඳහන් කරන්නේ තමන් නව රජයට සහාය දෙන බවයි.

පාර්ලිමේන්තුවේ වැඩිම ආසන දිනාගත් පක්‍ෂය සමග පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔ්නෑම පක්‍ෂයක් සන්ධානගත වීම ජාතික ආණ්ඩුවක් යයි 19 සංශෝධනයේ සදහන්ව ඇත.

13,300 views
Main News