තවත් පළාත් සභා තුනක කාලය අවසන්.. දැන් මැතිවරණ නැතිව සභා 06යි…

September 28, 2018 at 12:40 pm | lanka C news
තවත් පළාත් සභා තුනක කාලය අවසන්.. දැන් මැතිවරණ නැතිව සභා 06යි…

තවත් පලාත් සභා තුනක නිල කාලය එන ඔක්තොම්බර් මාසයෙන් අවසන් වෙයි.

මෙසේ කාලය අවසන් විමට නියමිතව ඇත්තේ වයඹ, මධ්‍යම, උතුරු පළාත් සභාවන්හි නිල කාලයයි.

ඔක්තෝබර් 08 දා මධ්‍යම පළාත් සභාවේ නිල කාලයත්, ඔක්තෝබර් 10 වැනිදා වයඹ පළාත් සභා නිල කාලයත්, ඔක්තෝබර් 24 දා උතුරු පළාත් සභාවේ නිල කාලයත් අවසන් වෙයි.

ඉන් පසු නැවතත් මැතිවරණයක් පවත්වන තෙක් එම පළාත් සබාවල පාලනය ආණ්ඩුකාරවරුන් යටතට පැවැරෙයි.

සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් සභා විසුරුවා දැනට වසරකට වැඩි කාලයක් ගතව ඇතත් මැතිවරණයක් පවත්වා නැත.

රජය පවසන්නේ ලබන වසර තුල එම මැතිවරණ පැවැත්වීමට උත්සාහ කරන බවයි.

243 views

3 Comments to “තවත් පළාත් සභා තුනක කාලය අවසන්.. දැන් මැතිවරණ නැතිව සභා 06යි…”

  1. Saradiel says:

    ආණ්ඩුකාරයන්ට සල්ලි හොයන්න කාලය ඇවිත් කාලකන්නි යහපාලනය පන්නමු

  2. Kadiya says:

    චන්ද නැති සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. චන්දේ මතක් කලාම සිරිසේනට රනිල්ට බඩයනවා. කට්ටිය දැන් ප්‍රසිද්ධ වේදිකාවට, ජනහමු වලට එනකොට පැම්පර් අඳිනවා.

    • Janathawa says:

      If the President and the Ranil respect the democratic rights of the people in this country ,they should together with the ELECTION commission ,must take action to hold the due elections immediately,without trying to give people lame,ludicrous excuses.

Main News