තවත් පුරා විද්‍යා ස්ථානයක් විනාශ වීමේ අවධානමක්.. පුරාවිද්‍යා නිලධාරීන්ටත් බාධා

November 19, 2018 at 2:04 am | lanka C news
තවත් පුරා විද්‍යා ස්ථානයක් විනාශ වීමේ අවධානමක්.. පුරාවිද්‍යා නිලධාරීන්ටත් බාධා

වව්නියාව සමලංකුලම කල්මලෙයි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් සංරක්ෂණය කිරීම සඳහා ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවක් හේතුවෙන් සංරක්ෂණ කටයුතු තාවකාලිකව අතහැර දැමීමට පුරාවිද්‍යා නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

කල්මලෙයි ප්‍රදේශයේ පිහිටි විනායගර් හින්දු කෝවිල ආසන්නයේ පිහිටි අදාල පුරාවිද්‍යා ස්ථානයන් සංරක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් විසින් වැලි සහ ගඩොල් ස්ථානගත කිරීමේදී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් විසින් පුරාවිද්‍යා නිලධාරීන්ට බාධා සිදු කරමින් උණුසුම්ව විරෝධතාවක් දක්වා ඇත.

විරෝධතාවයේ නිරත වූවන් පවසා ඇත්තේ අදාල හින්දු කෝවිල් දෙපැත්තේහි මෙම පුරා විද්‍යා ස්ථානයන් සංරක්ෂණය කලහොත් හින්දු කෝවිල වැසී යන බැවින් පවුල් 106කගේ ආගමික කටයුතු නවතින හෙයින් වහාම එම සංරක්ෂණය කිරීම නවතන ලෙසටය.

අදාල හින්දු කෝවිල 1985 වසරේදී ඉදිකොට ඇති අතර ඊටත් වසර ගණනාවක ඉතිහාසයක් ඇති අදාල පුරා විද්‍යා ස්ථානය සංරක්ෂණය කිරීමට ඉදිරියේදී පයවර ගන්නා බවට තාවකාලිකව සංරක්ෂණ කටයුතු නවතා දැමූ වව්නියාව පුරාවිද්‍යා නිලධාරීන් පැවසූහ

– වන්නි රොමේෂ් මධුෂංඛ

17 views

2 Comments to “තවත් පුරා විද්‍යා ස්ථානයක් විනාශ වීමේ අවධානමක්.. පුරාවිද්‍යා නිලධාරීන්ටත් බාධා”

  1. Dayani says:

    These kind of abuses by racist minorities in the Northern and Eastern Provinces should be prohibited immediately.!!! So far many Buddhist historical archaeology places have been bulldozed in the said areas.!!!
    Relevant authorities should take immediate action to stop atrocities by these minorities, which includes harassing Sinhalese, our culture, our language etc, as it is continuing at a rapid speed.!!!

  2. Dayani says:

    Buddhist Region Affairs Minister, Hon. Gammanpila, we the Sri Lankans want you to use your power to put an end to minorities destroying our Buddhist Arcaelogical places, especially in the North and East.
    Please pay your immediate attention to this carnage at the earliest, as it’s happening slowly and steadily.!!!

Main News