තවත් ප‍්‍රදේශ කිහිපයක්ම වසා දැමේ.. සියල්ල බස්නාහිරින් පිටයි..

November 2, 2020 at 10:38 pm | lanka C news
තවත් ප‍්‍රදේශ කිහිපයක්ම වසා දැමේ.. සියල්ල බස්නාහිරින් පිටයි..

කෑගල්ල දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මාවනැල්ල, හෙම්මාතගම, බුලත්කොහුපිටිය යන පොලිස් බල ප්‍රදේශත් ගලිගමුව ප‍්‍රාදේශීය සභා බල ප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බල ප්‍රදේශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් මේ බව දැන්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

60,829 views
Main News